
(නිමල් ජයරත්න)
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද (26) උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකරන කාර්යාලයේ සඳහන් කරයි.
ඒ අනුව අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අරලගංවිල ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත්, මහවැලි සී කලාපය ඇතුළු ඉහළ ප්‍රදේශවලට පවතින වර්ෂාවෙන් ගලා එන ජලයේ සැඩ පහරට මෙම පාලම කැඩි ගිලා බැස ගොස් ඇති.ඒ සඳහා විකල්ප මාර්ගය තිබුණද එම මාර්ගවලටද ගස් පෙරළී තිබීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වී ඇති බවද ඒ මහතා කීය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශය හරහා හමා ගිය ටොනඩෝ සුළඟින් නිවාස පහළොවකට පමණ හානි සිදුවී ඇති බවද අලහකෝන් මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 21
274
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
315
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1245
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි