
(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම අමාත්‍යාංශයේදී අද (20) වැඩ භාරගත්තේය.
ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් වැඩ භාරගත් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට වැඩභාර ගැනීමෙන් අනතුරුව පැමිණි සිටි නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සුභ පැතුම් එක් කළහ.
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම් වරයෙක් ලෙස ද සේවය කළේය. ඒ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජිතවරයෙක් ලෙස කටයුතු කළ අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කළ ඒ මහතා කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.
මෙම වැඩ භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු වන ගීතාමනී කරුණාරත්න, වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මිහූ ඇතුලු පිරිසක් සහභාගී වුහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.