
(ප්‍රසාද් රුක්මල් සහ පාලත ආරියවංශ )
හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට ගිය සිගිති අයියා නගෝ දෙදෙනකු අද (23) පස්වරුවේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .
මෙසේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් ව ඇත්තේ හාලිඇල බෝගොඩ කොකටියමලුව ප්‍රදේශයේ පදිංචිව සිටි බෝගොඩ මහ විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබන බෝදිපක්ලාෂගේ යසිදු (10) සහ 2ශ්‍රේණිය ඉගෙනුම ලබන රශ්මි නිතීකා (7) යන අයියා නගෝ දෙදෙනා බවද පොලිසිය කීය .
අද (23) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මොවුන් දෙදෙනා නිවසේ සිට පිහිල්ලේ කදුරට එගොඩගොඩේ නිවසක සිටි මව සොයා ගොස් ඇතැයි පොලිසිය පැවසීය .
දෙදෙනා පිහිල්ලේ දිය කඳුරට බැස එගොඩවීමට ගිය අවස්ථාවේ එක්වරම ගලා ආ සැඩදිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය .
සැඩපහරේ ගසාගෙන ගිය දරුවන් දෙදෙනා ගම්වාසීන් සොයා බැලීමේදී ඔවුන් දෙදෙනා සැඩදියපහරකට හසුවූ ස්ථානයේ සිටි මීටර් 100ක පමණ දුරකින් දියකදුරේ අයිනේ රැදී තිබූ කුඩයක්, සරමක්, සෙරෙප්පු යුගළක් හමුවූ බව පොලිසිය පවසයි .
මෙම සිගිති දරුවන් දෙදෙනා මව සමඟ නිවසේ සිට ඇති අතර පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බවද පොලිසිය පැවසීය .
සැඩපහරේ ගසාගෙන ගිය සිගිති දරුවන් දෙදෙනා සෙවීමේ කටයුතු මේ වනවිටත් හාලිඇල පොලිසියේ නිලධාරීන් ගම්වාසීන් එක්වී ආරම්භ කර ඇති බවත් උසස් පොලිස් නිළධාරියෙක් කීය.
පවතින වර්ෂාවත් සමඟ පිහිල්ලේ දිය කදුරේ ජල පහර වැඩිහෙයින් අදුරේ සෙවීමේ කටයුතු සිදු කිරිම අපහසු බවද සදහන් කළේය .
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, පොලිස් අධිකාරි පී. එම්. ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති .
COMMENTS
මෙහෙම වැස්සක් තියෙද්දී කුඩාම දරුවො දෙන්නෙක් නිවසේ තනිකර අම්මා වෙනත් ගෙදරක ඕපදූප කියෙව්වම මතක් වෙනවා ගුත්තිල කාව්‍යයේ තියෙන නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා කියලා
සීතලයි නේද මගේ පුතේ දුවේ
අනේ අපොයි...උඹල දෙන්නට නිවන් සුව පතනවා පීං මදි දරුවෝ දෙන්නටම පීං වැඩිවෙන්නට මාත් පීං කමක් කරල පීං දෙන්නම් පැටවුණේ..
කුඩා දරුවන් අත දරුවන් සම්බන්ද දැඩි ශෝක ජනක සිද්ධීන් ඉතාමත් බහුලව මේ රටේ දැන් දැන් වැඩිවෙමින් පවතින බවයි මටනම් පෙනෙන්නෙ. මේවා කියවන බලන මට හැමවෙලාවෙම මට හිතෙන්නෙ මම කරපු ලොකු පාප කර්මයක් නිසා වෙන්නැති මම මේ රටේ ඉපදුනේ කියලයි.
පොඩි දරුවෝ තනියම ගෙදර දාල යන්න හොඳ නැහැනේ. අනික වැස්ස වෙලාවේ. අම්මා කුමක් හෝ හදිස්සි වැඩකට ගියාද කියන්නත් බෑ. කෙසේ වෙතත් දරුවන්ට කරදරයක් වෙලා තියෙන්න එපා.
ධරානිපාත වැස්සක් තියෙද්දී මොන අම්මටද දරුවො අමතක වෙන්නෙ කියන්න දැන් ඉතින් ජීවිතාන්තය දක්වාම මැරි මැරී තමයි ඉන්න වෙන්නෙ
එන්න අපි ලොක්කන්ට යන්න සැහැල්ලු දුම්රිය හදමු/
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඕනෑතරම් පැරණි දුම්රිය පීලි දුම්රිය මැදිරිවල චැසි වැනි ඉතා පහසුවෙන් කුඩා පාලම් සඳහා යොදා ගතහැකි අබලි යකඩ තිබෙනවා. යුදහමුදා මහතුන්ගේ සහයෙන් මේවා යොදාගෙන ග්‍රාමීයව ඇති මෙවන් අනාරක්ෂිත ස්ථාන සඳහා කුඩා පාලම් ඉදිකල නොහැකිද?