IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහනුවර රෝහලේ සි ටි ස්කැන් පරික්ණෂණ පෝලිමක්

 

 

 ( ජේ.කේ.එල්. චාමින්ද)

 මහනුවර ජාතික රෝහලේ දි  සි.ටි ස්කෑන් පරික්ෂණ කරගැනිම සදහා  වසර දෙකකට ආසන්න කාලයක් පොරොත්තු ලේඛනවල රැදි සිටිමට රෝගින්ට සිදුවි ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

 මහනුවර ජාතික රෝහලේ  විකිරණ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු විසින්  ලබාදුන් තොරතුරු අනුව 2024 වර්ෂයේ මාර්තු මස 06 දින වනවිට  සි.ටි  පරික්ෂණ පොරොත්තු ලේඛනය තුල   රැදි සිටින රෝගින් සංඛ්‍යාව 1738කි. එම රෝගින්ගේ පොරොත්තු කාලය 2026 වර්ෂයේ මාර්තු 12 දින දක්වා පැවතුණි.

 රෝහල සතුව පවතින  මානව හා භෞතික සම්පත්වල හිගකම හේතුවෙන් මෙම තත්ත්වය  උදාවි ඇති බැව්  සෞඛ්‍ය අමාත්‍යංශයේ ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත.

 අමතර රාජකාරි සදහා නිදර්ශක දිමනා අනුමත කිරිම,යටිතල පහසුකම් සංවර්ධනය, දත්ත ගබඩා කිරිමේ පහසුකම් ආදිය මගින්  මෙම තත්ත්වය අවමකරගැනිමට කටයුතු කරමින් පවතින බවට ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන් කොට ඇත.

 සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

 

 



අදහස් (2)

මහනුවර රෝහලේ සි ටි ස්කැන් පරික්ණෂණ පෝලිමක්

Lalla Thursday, 30 October 2025 10:58 AM

පුරංස්ථි ග්‍රන්ථි සැත්කමට ගම්පහ රෝහලේ වසර දෙකක පෝලිමක් තියෙනව.පෞද්ගලික රෝහල්වල ලක්ෂ පහකට කිට්ටුව වියදම කියල කියනව.බරපතල සැත්කම්වල පෝලිම හිතාගන්න පුලුවන් නේද? වෛද්‍ය හෙද වෘත්තීන්ට සාධාරණ වැටුප් ගෙවල රෝහල්ව පද්ධතිය දියුණුවට පියවර ගන්න ඕන නේද? ඒ වගේම රජය සතු අර්ධ රාජ්‍ය රෝහල් පද්ධතියක් සාධාරණ මිලකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකි ලෙස රටපුරාම පටන්ගන්න. ජයවර්ධනපුර රෝහලට සමාන ලෙස.රාජ්‍ය රෝහල් තදබදයට විසඳුමක්......

:       0       4

Nel Friday, 31 October 2025 06:47 AM

පුරස්ථී ග්‍රන්ථී සැත්කම් කියන්නෙත් පිළිකා රෝගයක් නිසා කරන දෙයක් නේද. ඉතින් ඒවා ප්‍රමාද වුණාම ලෙඩුන් ප්‍රතිකාර නැතුව මැරෙනවනේ. ලාල්ලගේ හොඳ අදහස් ටිකක් ඒත් ඕවා මෙතනින් එහාට කවුරුත් දකින්නේ නෑ නේද. සෞඛ්‍ය ඇමතිට හෝ ජනාධිපතිතුමා වෙතට යොමු කරන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහලේ සහ ජයවර්ධනපුර රෝහලේ වගේ රජයේ ගෙවන වාට්ටු සංකීර්ණ හැම දිස්ත්‍රික් රෝහලේම පිහිටුවන්න පුලුවන්නම් ගොඩක් දෙනෙක් යාවි. නැති බැරි අයට ලොකුවට පෝලිමේ ඉන්නේ නැතුව ප්‍රතිකාර කිරීමටත් පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site