(යොහාන් භාසුර)
ජාත්‍යන්තර මට්ටමේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයකට ඇතුළත් වන බස් හා දුම්රිය ඒකාබද්ධ ප්‍රවාහන සේවාවන් සහ පෞද්ගලික වාහන නවතා පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේ පහසුකම් ඇතුළු සියලු පහසුකම් සහිත බහුවිධ ප්‍රවාහන පර්යන්තයක් මහනුවර ස්ථාපිත කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් පසුව වසර තුනක කාලයක් ඉදිකිරීම් ඇනහිට තිබීම හේතුවෙන් මහනුවර නගරයට පිවිසෙන විශාල පිරිසක් පීඩාවට පත්වවන බවත් එබැවින් මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතට පවරාගෙන ලබන වසර තුළ ලෝක බැංකු ආධාර යටතේ යළි ආරම්භ කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ඇති බවත් අමාත්‍යවරයා කීය.
එම ටෙන්ඩරයේ කටයුතු දින 45 ක් තුළ අවසන් කර වසර තුනකින් එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මහනුවරටත් බහුවිධ ප්‍රවාහන පර්යන්තයක්
Kumar (Gulf) Tuesday, 04 October 2022 12:15 AM
තව හොඳ ගැහිල්ලකට සුදානම් වෙනවා