IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මුහුදට දමා තිබූ කේරළ ගංජා කිලෝ 139ක් නාවික හමුදා භාරයට

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ ඊයේ (19) අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මුහුදට දමා තිබූ කේරළ ගංජා කිලෝ 139යි ග්‍රෑම් 100ක පමණ තොගයක් සිය භාරයට ගෙන ඇත.

ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට ගෙන ඒමට නොහැකිව පොලීතින් උර හතරක අසුරා තිබූ මෙම තොගය මුහුදට දමන්නට ඇතැයි සැකකරන බව නාවික හමුදාව පවසයි.

මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරන අතර ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් හතර වන වේග ප්‍රහාරක බලගණයේ පී 401 වේග ප්‍රහාරක මුර යාත්‍රාව, පී 177, පී 178, ඉසෙඩ් 183 සහ ඉසෙඩ් 215 යන වෙරළබඩ මුර යාත්‍රා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 410 යන යාත්‍රා එක්ව තොන්ඩමනාරු මුහුදු ප්‍රදේශයේ මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ තිබූ ඩිංගි යාත්‍රා රැසක් ද පරීක්‍ෂා කරන ලද අතර එහිදී ජාවාරම් කරුවන් විසින් මුහුදට දමනලද මෙම කේරල ගංජා අඩංගු පොලිතින් උර සොයාගෙන ඇත.

එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි හතරකට අධික වෙතැයි විශ්වාස කරන අතර, ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ලබා ගෙන නාවික මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මුහුදට දමන්නට ඇතැයි නාවික හමුදාව සැක කරයි.

එම කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

මුහුදට දමා තිබූ කේරළ ගංජා කිලෝ 139ක් නාවික හමුදා භාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site