( තුසිත කුමාර ද සිල්වා)
බේරුවල පොලිස් බල ප්‍රදේශයේ අඛණ්ඩව ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පවතින කාලය තුල බේරුවල ඉස්ලාම් දේවස්ථානයක ආගමික උත්සවයක් පැවති බව හැඟවෙන ව්‍යාජ තොරතුරු මුහුණුපොතට මුදාහල බේරුවල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකාර පුද්ගලයන් දෙදෙනා පෙර වසරක එම දේවස්ථානයේ පැවති ආගමික උත්සවයක ඡායාරූප මුහුණුපොතට මුදාහැර ඇති අතර, පොලීසිය සහ සෞඛ්‍ය අංශ අපහසුතාවයට පත්කරමින් මහජනයා නොසන්සුන් හැඟීමක් ඇතිවන ආකාරයෙන් ද්වේශසහගත මෙවැනි තොරතුරු පතුරුවා ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය කියයි .
මෙම සැකකාර පුද්ගලයන් දෙදෙනා අද(30) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළුතර අතිරේක මහේස්ත්‍රාත් එම්.එන් නානායක්කාර මහත්මිය විසින් අප්‍රේල් (09)දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇතැයි බේරුවල පොලිසිය සඳහන් කරයි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර ,පොලිස් පරීක්ෂකවරුන් වන චන්දන තෙන්නකෝන් ,ධම්මික ද සිල්වා යන මහත්වරු පරීක්ෂණ සිදුකරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ දෙදෙනක් අත්අඩංගුවට