IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මාස 5කට පසු මෙල්බර්න් ගුවන්තොටුපළට ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගොඩ බසී

 
( තිළිණි ද සිල්වා )

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා මාස 5කට පසු අද(07)  නැවත ආරම්භ කිරීමත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද පෙරවරුව් මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්වා

මෙය පසුගිය ජූලි 10 වෙනදායින් පසු මෙල්බර්න් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානය යැයිද ඕස්ට්‍රේලියාවේ සී.බී.එස් පුවත්සේවය අද(07) වාර්තා කළේය.

මෙලෙස මෙල්බර්න් ගුවන්තොටුපළට බස්සවා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 604 දරණ ගුවන් යානයයි. මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයට අමතරව වෙනත් ජාත්‍යන්තර ගුවන් සේවාවන්ට අයත් ජාත්‍යන්තර ගුවන්යානා 8 ක් මගින් ගුවන් මගීන් 253 දෙනෙකු මෙල්බර්න් වෙත පැමිණ ඇත.මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සී.බී.එස් පුවත්සේවය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඕස්ට්‍රේලියා - නවසීලන්ත භාර ව්‍යාපාර සංවර්ධන කළමනාකරු දිල්ෂාන් පිටවලගේ මහතා මෙසේ කියා සිටියේය.

“කොවිඩ්-19 නිරෝධායන රෙගුලාසි ලිහිල් කළාට පසු මෙහෙට ගොඩබසින පළමු ජාත්‍යන්තර ගුවන් සේවය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. අද (07) උදේ 7.48 ට අපේ ගුවන් යානය ගොඩබස්සවනු ලැබුවා.දැනට ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය අනුව යම් යම් සීමාවන්ට යටත්ව තමයි මගීන් මෙහෙට ගේන්න පුළුවන්. දැනට ගේන්න පුළුවන් 20-30 අතර ප්‍රමාණයක්. මෙය ඉදිරියේ දී වෙනස්වෙන්න පුළුවන්'' යැයිද හෙතෙම කියා සිටියේය.

විදේශයන්ගෙන් පැමිණෙන මගීන් වික්ටෝරියා ප්‍රාන්තයට අයත්  හෝටල්වල නිරෝධායනයට සෘජුවම යොමු කෙරෙනු ඇත. පසුගිය දින 38 ක කාලපරිච්ඡේදය තුළ දී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හමු වී නොමැති බවද එම  මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (0)

මාස 5කට පසු මෙල්බර්න් ගුවන්තොටුපළට ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගොඩ බසී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31606 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13988 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site