IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති මෙම රෝගී තත්ත්වය ඇති කරන මාංශපේෂී දිය කරන එසේත් නැතිනම් කා දමන බැක්ටීරියාව ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගත් බව පැවැසෙයි. 

ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණ වෙයි. ඉන්පසු උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂය ඉන්පසුව ඇතිවෙයි.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් රෝගී තත්ත්වය ඇති කරන මෙම බැක්ටීරියාව ස්ට්‍රෙප්ටෝකොකල් කාණ්ඩයට අයත් වෙයි. මෙම කාණ්ඩයේ බැක්ටීරියා මාරකය. 

මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිරෙයි. ඉන්පසු එය රුධිරයට ඇතුළු වෙයි. ඒ, බැක්ටීරියාවේ විෂ සිරුරට මුදා හරිමිනි.

බැක්ටීරියා පැතිරීම වයිරස මෙන් වේගවත් නොවන බවත්, මෙම බැක්ටීරියාවේ වේගවත් පැතිරීම ගැන තමන් ද දැඩි අවදානයෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පිරිසුදුකම පවත්වාගෙන යෑම, නිතර අත් සෝදා පිරිසුදු කිරීම, කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යද්දී නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආදී හොඳ පුරුදු මගින් මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීමට පුළුවනි.

මෙම බැක්ටීරියාවා ආසදනය වී පැය 48 ක් ඇතුළත රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වන බව ද පැවැසෙයි. මරණ සම්භාවිතාව සියයට 30 කි.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (20)

මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී

අරවින්ද මොනරවිල Tuesday, 18 June 2024 10:56 AM

කොරෝනා වගේ තත්වයක් උදාවෙන තුරු බලා නොසිට වහා වහා මේ රෝගය මර්දනය කරන්න ලෝක සෞඛ්‍යය සංවිධානයක වහා වහා මැදිහත් විය යුතුයි.

:       6       76

Prabha Tuesday, 18 June 2024 12:55 PM

ජපන්නු අමු මාලු මස් සුෂි වගේ කෑම මේ ලෙඩ වලට හේතු වෙනවා කියලා තමා කියන්නේ

:       13       43

sidathTuesday, 18 June 2024 06:17 PM

නමුත්, ජපන්නු අමු මාලු, මස් කන්නට පටන් ගත්තේ ශත වර්ෂ ගණනාවකට පෙර සිටයි...

:       4       13

Prabha Tuesday, 18 June 2024 06:32 PM

මේ ඩිස්ලයික් දාලා තියෙන්නේ ජපේපන් වෙන්න ඇති.

:       8       8

දස්තා Tuesday, 18 June 2024 01:20 PM

අමුවේ මාළු වර්ග කෑම මෙයට ප්‍රධානම හේතුව වන්නේය

:       9       29

අපි මාලිමාවට Tuesday, 18 June 2024 02:34 PM

මෙම රෝගය ඉක්මනින් ලොවෙන් තුරන් වේවා! නමුත් බැරි වෙලාවත් ලංකාව දෙසට එන්නේ නම් එය තව මාස කීපයක් පමා වුවොත් හොදයි. එවිට මෙරට ඇත්තේ අනුර සහෝදරයාගේ රජයක් නිසා, ගෝටා කොරෝන මර්දනය කලාට වඩා හොදින් එය මැඩපවත්වනු ඇත. ශ්‍රී ලංකාවේ ජනයාට එම නිසා බිය වීමට කරුණක් නැත.

:       57       29

අරවින්ද මොනරවිල Tuesday, 18 June 2024 02:46 PM

ඇයි රනිල් හරි සජිත් හරි ඉන්න වෙලාවක ආවා නම් හරිනේ. එහෙම නම් බය වෙන්න ඕනම නැති වෙයි ඔයාට !

:       11       25

lankasiriTuesday, 18 June 2024 04:41 PM

අපෝ පිස්සුද එනවා නම් දැම්ම ඇවිල්ලා මුලු පාර්ලිමේන්තුවම සුද්ද උනානම් තමයි හොද

:       6       18

තරිඳු Tuesday, 18 June 2024 06:19 PM

අපි මාලිමාවට කියන කෙනා වෙත රටට හෙන ගැහුවත් කමක් නෑ දේශපාලන බත් බැලයින්ට කඩේ යන්න..

:       2       5

IshanThursday, 20 June 2024 08:47 AM

මටනම් තේරෙන විදියට ඌට ඕන මාලිමාව නෝන්ඩි කරන්න, පොර ඒකට වෙනස් ක්‍රමයක් භාවිතා කරනවා, හොදම උදාහරණය දැන් fb එකේ මිනීමැරුමක් ගැන post එකක් දැක්කත් ඒකට "ඒ වුණත් කමක් නෑ අපි මාලිමාවට" කියල කමෙන්ට් දාන එවුන් බහුතරයකගෙ profile බැලුවම ඒවා වෙනත් පක්ෂ වලට කඩේ යන ඒවා. ලංකාවෙ දේශපාලන කියන්නෙ දේශපාලකයාගෙ සිට උන්ට කඩේ යන එකා දක්වා බොරුව රජකරන තැනක්

:       1       9

පුරවැසියාTuesday, 18 June 2024 06:36 PM

අනුර කුමාර ලන්ඩන් ගොස් කරන කතා සහ මෙවැනි මෝඩයන්ගේ කතා අතර ලොකු වෙනසක් නැත​. අපි කොහෙන්ද මෙයා දැන් හිනාවෙන්න ඕනේ?

:       3       4

නාමල් Tuesday, 18 June 2024 07:03 PM

අපි මාලිමාවට සහෝදරයා, ලෝකෙ වටේ යන උබේ අනුර සහෝදරයා මුලින්ම පරිස්සම් කර ගනින්. නැතිනම් හතරවරම් බොරු කිය කිය යන අනුරට තමයි මුලින්ම හැදෙ⁣න්නේ.

:       3       6

පිටිගල මිලානෝ Tuesday, 18 June 2024 04:07 PM

රෝගය සුව වුනත් සමහර අයගේ අත පය කපන්න වෙනවා මාංශ පේශී මැරුනු විට.

:       4       14

විජිත් Tuesday, 18 June 2024 05:50 PM

ඒ වුණාට මෙහෙ දියවන්නාවේ තියෙන බැක්ටීරියා 225 යි, මහා වයසක බැක්ටීරියාවයි රටේ මිනිස්සුන්ගේ මස් කනවා විතරක් නොවෙයි මිනිස්සුන්ගේ ලේත් බොනවා. මේ බැක්ටීරියාවන් නිසා අපේ රටේ මිනිස්සු මැරෙන්නේ ඇඟේ " ලේ " නැතිවෙලා. බැක්ටීරියාවන් කරන අසික්කිත වැඩ දකින මිනිස්සුන්ගේ ඇඟවල්වල තියෙන "ලේ " වතුරවෙලා. මම හිතනවා මේ බැක්ටීරියාවන් විනාශකරන්න පුළුවන් ප්‍රබල ප්‍රතිජීවකයක් රටේ මිනිසුන් විසින් ළඟදීම සොයාගනිවී කියා...

:       3       12

upul Tuesday, 18 June 2024 06:07 PM

හැමදේටම දේශපාලනය ඈඳගෙන ගොං කතා කියන්න එපා. ජපානය වගේ දියුණු රටකටත් ප්‍රශ්නයක් වෙච්චි එකක් ලංකාව වගේ රටක් මුහුණදීම හීනයක්. අපේ එවුන්ගේ සාක්ෂරතාව හරි ෂෝක්...

:       1       7

Ruwan De Silva Tuesday, 18 June 2024 08:01 PM

මරාන්තික රෝගයක් වුණත් දැන් දේශපාලනික කතා. පොඩ්ඩක් හිතන්න ඔයා අදුරන කෙනෙක්ට හැදුනා කියලා. හරි දුකක්. මම නම් කියන්නේ මේ රෝගය ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. COVID 19 වගේ විහිළුට ගත්තාම ලක්ෂ ගාණක් මැරෙන්න පුළුවන්.

:       2       5

de silva Tuesday, 18 June 2024 08:30 PM

කරුණාකර ජපානේ සිට එන සියලුදෙනාම දින 2 නිවෙස් හෝ හෝටල් නිරෝධනයට ලක් කරන්න.

:       0       4

chandima Wednesday, 19 June 2024 01:11 AM

රටේ ආර්ථිකය කන බැක්ටීරියාවෝ 240 නම් එදා උන්නු ගානමයි .වදිවෙන්නෙත් නෑ ,වෙනස් වෙන්නෙත් නැහැ .එකෙක් මළොත් පවුලේ එකෙක් එතනට එනවා.(හැබැයි එන්නේ මහජන නියෝජිතයෝ කියාගෙන )

:       1       6

X Wednesday, 19 June 2024 04:16 PM

ඡන්දෙ කල් දාන්න ඕනෙ , රට බේර ගන්න ඕනෙ . මේ වෙලාව ඡන්ද කරන වෙලාවක් නෙමෙයි . රට ගැන හිතන්න ඕනෙ.

:       2       1

Shanika Wednesday, 19 June 2024 06:48 PM

මේ ලෝකයේ විනාශය ගොඩක් ළඟයි. එතකොට මේ දේවල් අපි බලාපොරොත්තු වෙන්න ඕනෑ. අහිංසක සත්තු අමුඅමුවේ කන කොට, තව දේවල් ඉදිරියට වෙයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 716 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17946 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site