IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


අන්තිම කැමැත්තට කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයකුගේ අවසන් කටයුතු  කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව  කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය.

ඊට අදාල නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමිනි.

"පසුගිය කොරෝනා වසංගත සමයේ මුස්ලිම් ප්‍රජාව තමන්ගේ අවසන් කටයුතු නිසි ආකාරයෙන් සිදු කර ගැනීමට නොහැකිව  දැඩි වේදනාකාරී තත්ත්වයක පසු වුණා. එම තත්ත්වය වෙනස් කිරීමට ඉදිරියේදී අප කටයුතු කරනවා. ඕනෑම කෙනෙකුට ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයක් මඟින්, තමන්ට කැමති ලෙස අවසන් කටයුතු සිදු කර ගත හැකි නීති ඉදිරියේදී සකස් කරනවා. ඕනෑම කෙනෙකුට භූමදානය සඳහා හෝ ආදාහනය සඳහා අයිතියක් තිබෙනවා. එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත අනුව සිදු කිරීමට අවශ්‍ය නීති අප සකස් කරනවා" යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (5)

අන්තිම කැමැත්තට කමිටුවක්

Health and environment friendly Monday, 08 April 2024 12:54 PM

අන්තිම කැමැත්ත හෝ ආගමික වතාවත් ඉටු කිරීමට අකමැති වෙන්න දෙයක් නෑ ඒ පුද්ගලික හෝ සංස්කෘතික හෝ ආගමික කටයුතු පොදු ජනතාවට අයහපතක් නොවෙන විදිහට සිද්ධ වෙනවා නම්. බොහෝ රටවල කොරෝනා නිසා මියගිය අයව ජාති ආගම් භේදයක් නැතුව ආදාහනය කරා. මැද පෙරදිග රටවල සහ තවත් නොයෙක් රටවල භූමදානය කරා. නමුත් මැදපෙරදිග රටවල සහ නොයෙක් රටවල භූගත ජල මට්ටම මතුපිට සිට ඉතා පහලයි. ඒ නිසා වළ දැමූ සිරුරු භූගත ජලය සමඟ මුසුවි කොරෝනා වැනි මාරාන්තික විෂබීජ නැවතත් මතුවීමට ඉඩ කඩ අඩුයි. ඊට සාපේක්ෂව ලංකාව වගේ රටවල භූගත ජල මට්ටම මතුපිට පොළොවට ඉතා කිට්ටුයි. ඒ නිසා කරන දෙයක් පරිසර හා සෞඛ්‍ය තත්වය ගැනත් සිතා බලා කටයුතු කරන එක හොඳයි.

:       4       74

fairoosmr Monday, 08 April 2024 01:18 PM

ඡන්ද ගුන්ඩු. හා හා හා...

:       3       40

Bamunuarachchi Monday, 08 April 2024 01:23 PM

හම්බයින්ගේ අන්තිම කැමැත්ත අල්ලා විස්වාස නොකරන මිනිස්සු බොරුකාරයෝ හෙවත් kafir ලා ඔවුන් ජිහාඩ් නැතිනම්, මරා දැමිය යුතුයි කියන එකයි. මුළු ලෝකයම මුස්ලිම් කළයුතුයි... කියන එකයි...!

:       8       51

ප්‍රියන්ත Monday, 08 April 2024 02:15 PM

නීති හැදුවාට පමණක් මදි ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ. ඒ ගැන අවධානයට යොමුවේවා ඔය කියපු ආකාර දෙකටම අමතරව තවත් පිරිසක් තමන්ගේ සිරුර වෛද්‍ය විද්‍යාල වෙතට දෙන්න කැමැත්තෙන් සිටිනවා ඒත් ඒක කරන්නේ කොහොමද කියලා දැනුමක් ලැබෙන්නේ නැහැ.. ඊළඟට සිරුරේ කොටස් දෙන්න කැමැති අයට ඒකට අවස්ථාව ඇතිකරනවා නම් හොඳයි... උදාහරණයක් හැටියට මියගිය පසුව ඇස් දන් දෙන්න කැමැති කෙනෙකුට ඒකට අවශ්‍ය උපදෙස් හා ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා...

:       0       27

Niro Monday, 08 April 2024 04:23 PM

රනිල් හැමදාම කරේ බලයට ආපුවාම හාමුදුරුවරු හිරේ දාලා මුස්ලිම් අන්තවාදීන් සනසපු එක... මේ වැඩේ හැමදාම කළා. මේ පාර පටන් ගත්තේ ඥාණසාර හාමුදුරුවන්ගෙන් බුද්ධාගමට ගහන අය නිකන් ගියේ බල්ලෝ බලල්ලු ගානට අපි බලාගෙන ඉන්නවා. ඔයාටත් චන්ද්‍රිකාටක් ස්වභාවධර්මයා සලකන විදිහ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 207 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 74 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 407 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 204 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 535 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 284 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1902 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1687 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site