IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මොස්කව් නුවරටත් අගුළු දමයි

කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානම හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර වසා දැමීමට නගර බලධාරීහු අද (30) පියවර ගත්හ.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සියලු කටයුතු අකර්මන්‍ය කෙරෙන ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය අනුගමනය කරන බව නගර බලධාරීහු ප්‍රකාශ කළහ.

මොස්කව් නගරාධිපති සර්ගේ සොබියනින් හදිසියේම මෙම දැඩි නියෝග නිකුත් කළ අතර එම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නැයි රුසියානු අග්‍රාමාත්‍ය මික්හයිල් මිස්හුස්ටින් අනෙකුත් ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

මෙම සතිය ‘වැඩ-නොකරන’ සතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය සතියේදී පියවර ගත් අතර ඊට වඩා තවත් පියවරක් ඉදිරියට තබමින් මොස්කව් අගනගරය ‘ලොක්ඩවුන්’ කිරීමට එනුවර පුරපතිවරයා පියවර ගත්තේය.

යුරෝපයේ විශාලතම නගරය ලෙස සැලකෙන මොස්කව් නගරය මෙලෙස හුදෙකලා වීමේ නව සහ දැඩි නියෝග පැනවූවද නගර වැසියන් ඒවා නොතකා සති අන්තයේදී උද්‍යානවලට යන අයුරු දක්නට ලැබිණි.

කෙසේ නමුත් සඳුඳා, එනම් අද මොස්කව් නගරයේ මාර්ග පාළුවට ගොස් තිබූ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් කඩසාප්පු, අවන්හල්, ආපනශාලා වසා දමා තිබිණි. එහෙත් නගර මධ්‍යයේ තරමක වාහන තදබදයක් දක්නට තිබිණි.

‘‘මොස්කව් නගරයට හඳුන්වා දී තිබෙන ආකාරයේ නිරෝධායන සහ දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි මම අනෙකුත් ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා’’ යැයි ආණ්ඩුවේ රැස්වීමකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මිස්හුස්ටින් කීය.

රුසියානු ජනාධිපතිවරයා රූපවාහිනියේ පෙනී සිටින්නේ ඉතාම කලාතුරකින් වන අතර පසුගිය සතියේ බදාදා එසේ පෙනී සිටි රුසියානු ජනාධිපතිවරයා මේ සතිය ‘‘වැඩ නොකරන’’ සතියක් ලෙස නම් කරන බව ප්‍රකාශයට පත් කළේය. එසේ නමුත් සේවකයන්ට අදාළ වැටුප් ගෙවන බව ද හෙතෙම කීය.

අද පස්වරුව වනවිට රුසියාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,534ක් වූ අතර එරටින් වාර්තා වන මරණ ගණන 8කි. රුසියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ 64 දෙනකු සුවය ලබා ඇත.

වයස් සීමාවකින් තොරව පැනවූ සීමා හා නියෝග නගරයේ සියලු දෙනාට අදාළ වන බව මොස්කව් බලධාරීහු කීහ.

හදිසි වෛද්‍ය/සෞඛ්‍ය තත්ත්ව, අත්‍යවශ්‍ය යැයි සැලකෙන රාජකාරී හා සේවා සහ ආහාර හෝ ඖෂධ හෝ ලබාගැනීමට පමණක් මොස්කව් නගර වැසියන්ට නිවසින් පිටතට යෑමට අවසර ලැබෙන බව ඔවුහු පැවැසූහ.

නගර වැසියන්ට කසළ බැහැර කිරීමට සහ ඔවුන්ගේ සුනඛයන් ඇවිදීමට යා හැක්කේ නිවස සිට මීටර 100ක් දුරට පමණක් යැයි ද ඔවුහු කීහ.

මොස්කව් නුවර සවි කර තිබෙන කැමරා මඟින් මේ සියල්ල අධීක්ෂණය කෙරෙන බව ද ඔවුහු ප්‍රකාශ කළහ. රුසියාව ඔවුන්ගේ දේශසීමා සියල්ල වසා දමා තිබෙන අතර කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පියවරෙන් පියවර දැඩි සීමා හා නියෝග පනවමින් සිටී.

ඒ.එෆ්.පී.

055

 



අදහස් (0)

මොස්කව් නුවරටත් අගුළු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 360 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site