IMG-LOGO

මුල්ලේරියාවේ ගෙයින් ගෙට ගොස් එන්නත් දෙයි

(නිමන්ති රණසිංහ)

කොවිඩ් මර්දන එන්නත ලබාගත නොහැකිව නිවෙස්වල සිටින ආබාධිත හෝ වයස්ගත තැනැත්න්ට නිවෙස්වලට හොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලට අනුව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මුල්ලේරියාව ප්‍රදේශයේ දී එන්නත්කරණය වැඩසටහනක් අද (25) ආරම්භ කළේය.

මුල්ලේරියාව පොලීසිය සමග එක්වී සිදුකරනු ලැබූ මෙම එන්නත් වැඩසටහනට අනුව ප්‍රදේශයේ ජීවත්වන එන්නත් ලබා නොගත් පිරිස් 100කට අධික පිරිසකට එන්නත් ලබාදීම සිදුකළ බව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

පොලීසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලැබෙන දුරකතන ඇමතුම්වලින් එක්රැස් කරගත් තොරතුරු අනුව මෙම ප්‍රදේශයේ නිවෙස්වල සිටින ආබාධිත මෙන්ම වයස්ගත පුද්ගලයන් ගණනය කර ගැනීමෙන් පසු මෙලෙස එන්නත් කිරීම් සිදුකරනු ලබන බව ද එම කාර්යාලය සදහන් කරයි.

ඡායාරූපය -: නිවෙස්වල සිටින ආබාධිත හෝ වයස්ගත පුද්ගලයන් වෙත ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් කොවිඩ් මර්දන එන්නත ලබාදෙන ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඡායාරූපයෙන් දැක්වෙයි.



අදහස් (1)

මුල්ලේරියාවේ ගෙයින් ගෙට ගොස් එන්නත් දෙයි

jayasekara Thursday, 26 August 2021 02:39 PM

ගොතටුව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ උපන් නගරයේම ස්ථිර පදිංචිකරුවකු වන මම අවිවාදයෙන් කියන්න පුළුවන් දෙයක් නම් මුළු ලංකාවෙන්ම හොදටම විශිෂ්ඨ ලෙස මේ එන්නත ලබාදුන්නේ ගොතටුව එම් ඕ එච් එකෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site