IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මාලදිවයින් ජනපති අගමැතිව හරසරින් පිළිගනී

(අංජුල මහික වීරරත්න මාලදිවයිනේ සිට)

මාලදිවයිනේ දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මාලේ නුවර වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මාලදිවයිනට ළඟාවිය.

මාලේ නුවර, වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දූත පිරිස එරට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් මහතා විසින් පිළිගනු ලැබීය.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයිනේ නිල සංචාරයේ නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මාලේ නුවර වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට විශේෂ යාත්‍රා පෙරහරකින් මාලේ නුවර ජනරජ චතුරස්‍රය වෙත කැඳවාගෙන එනු ලැබීය.

මාලේ නුවර ජනරජ චතුරස්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස ජනරජ චතුරස්‍රය අසල, ඉසුදීන් ජැටියේ දී, මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ එම ආර්යාව ඇතුලු එරට මැති ඇමැතිවරු විසින් මහත් උත්කර්ෂවත් අන්දමින් පිළිගනු ලැබුහ.

අනතුරුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස එරට ජනරජ චතුරස්‍රය වෙත කැඳවා ගෙනු එනු ලැබූ අතර එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය විසින් ආචාර වෙඩිමුර හතක් පවත්වා ආචාරය දැක්වීය.

මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එරට හමුදා උත්තමාචාර පෙළපාලියක් ද පවත්වනු ලැබූ අතර අග්‍රාමාත්‍යවරයා රතු පළස මතින් ගොස් හමුදා උත්තමාචාරය පිළිගනු ලැබීමෙන් පසු මාලදිවයින් සංස්කෘතිකාංග පිළිබිඹු කෙරෙන නර්තන පෙරහරකින් ශ්‍රී ලංකා අග්‍රාම්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස එරට ජනාධිපති මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලැබූහ.

මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උසස් අධ්‍යාපන, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, සමාජ සවිබලගැන්වීමේ සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජනරාල් අශෝක තෝරදෙනිය, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)

 

 



අදහස් (5)

මාලදිවයින් ජනපති අගමැතිව හරසරින් පිළිගනී

Raveendra Monday, 02 September 2019 01:19 PM

මල්ලියේ මමත් රටේ ලොක්කා වුණු ගමන්ම මම මලයව මේ විදියට පිළිගන්න හොඳේ...

:       1       19

anura Monday, 02 September 2019 04:01 PM

මේ එක්තරා දුරකථන සංවාදයක්...........අනේ යාළුවේ දවස් කිහිපයකට හරි ආරාධන්නාවක් මට කරන්නකෝ.......හැබයි රාජ්‍ය පිළිගැනීම් වගේ දේවල් කලබලයෙන් කරන්න අමාරුයි.............කමක් නෑ ඔය නලාවක් වගේ එකක් ගැහුවම හොඳටම ඇති, මට අපේ එව්න් එක්ක ඉඳලා ඇති වෙලයි ඉන්නේ.

:       0       30

sunil Monday, 02 September 2019 09:35 PM

අනේ පව්ව් අපේ කොල්ලෝ මොකා අවත දේශපලුවොන් ගේ නම යන්න අපේ එවුන් සැලියුට් ගහන්න ඕනේ නේ ..හැමදාම කලේ ඕකයි ...!!! ඕකට තියෙනව උත්තරයක් නම් ...?

:       0       0

sirimal Tuesday, 03 September 2019 09:33 AM

අගමැතිට පක්යේ අයවත් කැමති නැත්තේ එතුමා විශාල වැඩ ගොඩක් කළ නිසාද ?

:       57       1

wedageTuesday, 03 September 2019 10:56 AM

ඔව් සෙල්ලම් වැඩක්ද මහා බැංකුවක් කඩන්න සහ කපු හොරාව රටින් පන්නල දුන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1810 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1474 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site