
( සිතුම් චතුරංග)
මුලතිව් මුත්තියංකට්ටු ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් කුමුළමුනෙයි නීතකායි සහ ආනන්දපුරම් හි ගොවිබිම් වල දින දෙකක කාලයක් කොටුවී සිටි ගොවීන් හත්දෙනකු සහ පිරිමි දරුවකු අද (01) නිරුපද්‍රතව බේරාගැනීමට මුලතිව් ධීවරයින් සහ තරුණ පිරිසකට හැකිවිය.
‘දිට්වා‘ සුළි කුණාටු තත්වයත් සමඟ ඇතිවූ අධික වර්ෂාවෙන් ගොවිබිම් බේරාගැනීම සඳහා ගොවීන් පිරිස ගොස් ඇති අතර ක්ෂණිකව ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් ඔවුන් ගොවිබිම්තුල කොටුවී සිට ඇත.
දුරකථන සංඥා අවහිරවීම හේතුවෙන් සහන සේවකයින් සම්බන්ධ කරගැනීමට නොහැකිවී ඇති පසුව ගොවීන්ගේ ඥාතීන් ප්‍රදේශයේ තරුණයින් සිද්ධිය පවසා සහන කණ්ඩායම් වලින් උදව් ලබාගන්නා ලෙස පවසා තිබේ.
සහන සේවකයින්ටද ජල ගැලීම් හේතුවෙන් පැමිණීමට නොහැකිව සිටියදී එම තරුණයින් ගැටළුව පිළිබඳ මුලතිව් වේලන්කන්නි ධීවර සමිතියේ සාමාජිකයින් සමඟ එක්ව සාකච්ඡා කොට බෝට්ටු යොදාගනිමින් ගොවීන් සෙවීමට මෙහෙයුමක් ආරම්භකොට ඇත.
ධීවර බෝට්ටු රැගෙන ගොවිබිම් වෙත ගොස් සොයාබැලීමේදී ධීවරයින් හත්දෙනා සහ ඔවුන් සමඟ ගොස් සිටි 14 හැවිරිදි පිරිමි දරුවකු නිරුපද්‍රතව බේරාගැනීමෙන් අනතුරුව නිවෙස් වලට ගෙන ගියහ.

2025 නොවැම්බර් මස 21
292
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මුලතිව් ගොවිබිමක සිරවී සිටි පිරිසක් බේරා ගැනේ