IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මර්වින්ගේ කෝටි 15 නඩුවේ පූර්ව නඩු විභාගය සැප්තැම්බර් 24

(මනෝප්‍රිය ගුණසේකර)

කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද නියම කළේය.

අල්ලස් පනත යටතෙත් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා තිබු නඩුව කැඳවු අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතීඥවරු කළ ඉල්ලීම් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

නඩු කැඳවු අවස්ථාවේදී හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ අත්සනින් යුතුව අධිචෝදනා දෙකක් යටතේ මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත. 



අදහස් (2)

මර්වින්ගේ කෝටි 15 නඩුවේ පූර්ව නඩු විභාගය සැප්තැම්බර් 24

විපරමා Monday, 28 July 2025 03:07 PM

කිරිබත්ගොඩ වෙළඳුන්ගෙන් කප්පම් ගත්තු...., පොලිසියට හයිරන් පාට් දාලා කුඩු කාරයෝ බේරගත්තු, සමුර්දි නිලධාරියා ගස් බැඳපු, බලයේ හිටපු කාලේ ඔලුව උදුම්මාගෙන වැඩ කරපු කෙනෙක්. ආචාර්ය උපාධියකුත් දීලා තියෙන්නේ සේවයේ හොඳකමට වෙන්ඩැති?

:       0       21

පිටිගල මිලානෝ Monday, 28 July 2025 03:38 PM

අප්පච්චීගේ ආරක්ෂාව ඇතුව අප්පච්චිගේ අඩිපාරේ පියනැගූ බොහෝ අනුගාමිකයින් දැනන් හිටියේ නැහැ මේ අඩිපාර ඉවර වෙන්නේ වැලිකඩින් කියලා... දැන් ඉතිං අප්පච්චි එයි බත්ගෙඩියකුත් බැඳන් බොලාව බලන්න...

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site