IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මෙරට සිටින යුක්‍රේන හා රුසියා සංචාරකයින්ගේ වීසා දික් කරයි

 

(ඩයනා උදයංගනී සහ අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකාවේ රැඳී සිටින යුක්‍රේන හා රුසියා සංචාරකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය මාස 02කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

රුසියාව යුක්‍රේනය අතර වර්ධනය වී ඇති අර්බුදයහේතුවෙන් ඔවුන්ට නැවත සිය රට වෙත ගමන්කිරීමට අපහසු තත්වයක්  උද්ගතව ඇති නිසා ගාස්තු අය කිරීමකින් තොරව වීසා බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට නියමිතය.

රුසියානු සංචාරකයින් 11,463දෛනකු සහ යුක්‍රේන සංචාරකයින් 3,993 දෙනෙකු මේ වන විට දිවයින තුළ රැඳී සිටින අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.



අදහස් (2)

මෙරට සිටින යුක්‍රේන හා රුසියා සංචාරකයින්ගේ වීසා දික් කරයි

Bamunuarachchi Tuesday, 01 March 2022 10:06 AM

මේ ටික කතුවැකියේ පලවුණා. ඒ අදහසට අපි ගරු කරනවා.. මේ මොහොත වනවිට රුසියන් සංචාරකයින්ට සියරට බලා ආපසු යෑමට හැකියාවක් තිබුණත් යුක්‍රේන සංචාරකයින්ට එසේ කළ නොහැකියි. ඒ පැත්තට යන මගී ගුවන් යානා වේවා, යුද ගුවන් යානා වේවා ඕනෑම එකකට රුසියානු හමුදාව මෙන්ම යුක්‍රේන් හමුදාව ද වෙඩි තබනු ලැබේ. ලංකාවේ සිටින යුක්‍රේන් සංචාරකයින්ගේ මුදල් සියල්ල දැනටමත් ඉවරවෙලා තිබෙනවා වන්නට පුළුවනි. අපගේ දුෂ්කර අවස්ථාවේ අපට ඩොලර් කීපයක් දීමට පැමිණි ඒ මිනිසුන් මේ මොහොතේදී යුද අනාථයන් ලෙස සැලකීම අපගේ වගකීමයි. ඒ නිසා අපේ ආර්ථික දුෂ්කරතා පැත්තක තබා එකී යුක්‍රේනියානු සංචාරකයින්ට මූලික පහසුකම් ලබාදී ආහාර පාන සපයා බලා හදා ගැනීම අපගේ වගකීමය.

:       0       0

Sirisena Tuesday, 01 March 2022 12:14 PM

යුක්රේන් ජාතික කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා ලබාදෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site