(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව අලුත් ගාලුපාර පදික වේදිකාවේ තිබී වයස අවුරුදු හැටක පමණ වන පුද්ගලයෙකුගේමළ සිරුරක් අද (11) හමු වූ බවත් එම සිරුර කොළ පැහැති ත්‍රීරෝද රියකින් අදාළ ස්ථානයට ගෙනවිත් දමා ගොස් ඇති බවත් මූලික පරීක්ෂණයේ දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සුවසැරිය ගිලන්රථ සේවයට කල දැනුම්දීමට අනුව එහි කාර්ය මණ්ඩලය එම වැටී සිටි පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇතැයි එම කාර්ය මණ්ඩලය පැවසු බව පොලීසිය පැවසීය.
අදාල ස්ථානයේ සී.සී.ටී.වී පරික්ෂාවේදී උදෑසන හතයි හතලිස් පහත් අටත් අතර කාලයේදී මළ සිරැර කොළ පැහැති ත්‍රීරෝද රියකින් අදාළ ස්ථානයට ගෙනවිත් දමා යන අයුරැ දැකගත හැකි වු බව පොලිසිය පැවසීය
මෙම මරණකරු කාගේ කවුරුන්ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා විසින් අදාළ මෘතදේහය මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කළ බව පොලිසිය පැවසීය.
පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමටත් මනුෂ්‍ය ඝාතනයක් ද යන්නත් සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.
මැරී වැටී සිටි පුද්ගලයා කොරෝනා ආසාදිතයෙක් දැයි දැන ගැනීමට පි.සී.ආර් පරීක්ෂණයක් සඳහා මෘත දේහය යොමු කිරීමට නියමිතව බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මොරටුවේ අභිරහස් මරණයක්