IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර සහ තිළිණි ද සිල්වා)
 
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද (15) නියම කළේය.

දැනට කොළඹ දකුණ ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි කියන මොහොමඩ් හකීම් මොහොමඩ් ටිල්ෂාන් නමැති 26 හැවිරිදි තරුණයාගේ මෘතදේහය සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගන්නා ලෙසද අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට වැඩිදුරටත් නියම කළේය.

ත්‍රීකුණාමලයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රාලෙබ්බේ මොහොමඩ් හකීම් නමැත්තා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් විජේසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ මහතා නම් කර ඇත.

පෙත්සම්කරු සිය පෙත්සම මඟින් කොළඹ දකුණ කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ දී සිය පුත්‍රයා මියගිය බවත් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය විසින් සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණයකින් පසුව සිය පුත්‍රයාට කොරෝනා ආසාදනය වී ඇතැයි දැනුම් දුන් බවත් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් සිය පුත්‍රයාට කොරෝනා නිශ්චිතවම ආසාදනය වී ඇද්දැයි යන්න තහවුරු කරගැනීම සඳහා යළිත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ද එතෙක් දැනට කොළඹ දකුණ ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මොහොමඩ් හකීම් මොහොමඩ් ටිල්ෂාන් නමැත්තාගේ මෘතදේහය සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයිද ඉල්ලා තිබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයසිර් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්ස විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු අධිකරණය ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥවරුන් වන හෆීල් පාරිස් සහ රුෂ්ඩි හබීබ් සමඟ ජනාධිපති නීතීඥ ෆයසිර් මුස්තාපා මහතා පෙනී සිටියේය.
 



අදහස් (0)

මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site