
(සුමිත් පොතුපිටිය )
මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර තේක්කවත්ත ග්‍රාම නිළධාරී වසමේ මේ වනවිට රාජකාරි කරන ග්‍රාම නිළධාරී වරයා බව පොලිසිය කීය.
සැකකරු වස්කඩුව, මිල්ලගහන්දිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් 52 හැවිරිදි වියේ පසුවන බවත් සදහන් වේ.
සැකකාර ග්‍රාම නිළධාරී වරයා 2021 වර්ෂයේ කළුතර ප්‍රාදේශයේ වෙනත් ග්‍රාම නිළධාරී වසමක රාජකාරි ආවරණය කරමින් සිටියදී මියගොස් ඇති කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටී බව සදහන් කරමින් මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයෙකු අමතා ලිපියක් නිකුත්කර ඇති බව පොලිසිය සදහන් කරයි.
එසේ නිකුත් කල ලිපිය රැගෙන ගිය කාන්තාව එම ලිපිය ඉදිරිපත් කර වෙනත් පුද්ගලයකුට හිමිකම් ඇති කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ ඉඩමක කොටසක් වෙනුවෙන් ව්‍යාජ ඔප්පුවක් සකස්කර ගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි.
ලිපිය නිකුත් කල කාන්තාව තමා නොදන්නා බවත්, කුඩා දරුවන් දෙදෙනෙකු කැටුව පැමිණ ඉල්ලා සිටිමෙන් පසු ලිපිය නිකුත් කල බවත් ග්‍රාම නිළධාරී ගේ ප්‍රකාශ වලින් හෙලිව ඇති බවද පොලිසිය පවසයි. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය බොහෝ විට වෙනත් ග්‍රාම නිළධාරී වසමක රාජකාරි ආවරණය කරමින් සිටියදී සිදුවූ අතපසුවීමක් විය හැක.
ශ්‍රිලංකාවේ පුරවැසියන් නොවනා කෙනෙකුට මන්ත්‍රීකම් දුන්නු රජයේ වාහන පදින්න ඇතුළු පහසුකම් දුන්නු කාටවත් වැඩ වරදින්නේ නැතිද ?