IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


’’මම ලක්ෂ පනහක් රජයට ඉතිරි කරනවා’’

(සුජිත් හේවාජුලිගේ)

තමා පමණක් ඇමතිවරයා විදියට මාසයකට ලක්ෂ පනහක් රජයට ඉතිරි කර දෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතා පැවසීය.

" අපි සහ ඒ අය අතර ඇති වෙනස ඒකයි. අපි හොරා කන්නේ නෑ" යැයිද   ඔහු කීවේය.

නානායක්කාර මහතා මෙසේද පැවසීය.

අපි වාහන පර්මිට් ගන්නේ නෑ.නිල නිවාස ගන්නේ නෑ. මට කාර්ය මණ්ඩලය විස්සක් ගන්න පුළුවන් නමුත් ගන්නේ නවයයි. මට බැකප් තුනක් අයිතියි. එස්ටීඑෆ්  15ක් ගන්න පුළුවන්. ගන්නේ නෑ. මම  පම්පෝරි ගහනවා නොවෙයි. අපේ අනිත් ඇමතිවරුනුත් එහෙම තමයි කටයුතු කරන්නේ.ඕක නොවෙයිද ජනතාව ඉල්ලුවේ.



අදහස් (18)

’’මම ලක්ෂ පනහක් රජයට ඉතිරි කරනවා’’

Gayan Saturday, 26 April 2025 11:44 AM

ඔය ඉතිරි කරන සල්ලිවලට මොනවද කරන්නේ කියලත් කියන්න... භාණ්ඩාගාරය ගොඩගහලා තියලා වැඩක් නෑ.. ව්‍යාපෘතියකට යොදවන්නේ නැතිව.

:       14       61

Gayansika Sunday, 27 April 2025 05:23 AM

ව්‍යාපෘතිවල නොයොදා බැංකුවේ නොතැබීම වරදක් හැටියට සලකන විජ්ජයිය සිටිනනිසා ඉතිරිකිරීම හැර වැඩක් කරන්න බයයි .දැක්කනේ චාමරට කරපුදේ

:       0       0

ana Saturday, 26 April 2025 11:53 AM

වෙනත් රජයක් වුණා නම් ඇමැති නියෝජ්‍ය ඇමැති ඒකතුව 159 ක්...

:       14       29

පිටරටවැසියා Saturday, 26 April 2025 12:11 PM

ඔය සියල්ලම නැතත්, බොහෝ දේවල් නීතියේ ප්‍රතිපාදනවලින් අවභාවිතාවිම වළක්වන්න පියවර ගන්න. ඒ වගේම රාජ්‍ය සේවයත් පිරිසිඳු වූ වහාම, රටේ ඉක්මන් දියුණුවක් දැකිය හැකි වේවි. රටේ බහුතරයක් පැතූ පැතුම එයයි.

:       9       35

ගුණරත්න Saturday, 26 April 2025 12:54 PM

මොකුත් වැඩක් කරන්නෙත් නැහැ, නිකම් කැඳ බීලත් බෙට්ට කෙලින් කිව්වා වගේ.

:       30       94

Wanniarachchi Saturday, 26 April 2025 12:54 PM

ඔය වගේ බුරු කතා හොඳයි ඔයාගේ අනුගාමිකයන්ට. අධිකරණ ඇමැති ඉන්නේ සල්ලි ඉතිරිකරලා පෙන්වන්නේ නොවෙයි, අධිකරණවල ප්‍රශ්න විසඳන්න. උසාවිවල නඩු ලක්ෂ ගණන් ගොඩගැහිලා, බන්ධනාගාරවල සිරකරුවන් අධිකයි, හැරෙන්නවත් බෑ. ඒ ඔක්කොම පැත්තක තියාගෙන ලක්ෂ පනහක් ඉතිරි කරලා කියල මෙය සිඟිති අතල් දෙනවා. අවුරුදු 5 ම ඔහොම යයි.

:       28       89

RasikaSaturday, 26 April 2025 07:59 PM

නියම කතාව. හැබැයි බහුතරයකට ඕක තේරෙන්නේ නැහැ. අධිකරණ ඇමැති කරන්න ඕනෑ නඩු ඉක්මන් කරන ක්‍රමයක් හැදුවොත් ඒක මෙහෙම කිව්වාට කමක් නැහැ...

:       0       0

යෝගා Saturday, 26 April 2025 01:00 PM

සතුන් සතේ ඉතුරු කරලා රටක් සංවර්ධනය කරන්න පුළුවන් කියලා මේ මෝඩයෝ හිතන්නේ. කිසිම ඉදිරි දැක්මක් නැතුව කයිය ගගහා ඉන්න විතරයි දන්නේ. ලක්ෂ පනහක් ඉතුරු කළා කියන එකත් අමූලික පචයක්...

:       26       78

Aruna Saturday, 26 April 2025 01:01 PM

පිඟන් හෝදන අය තමයි බිඳින්නේත්... වියදමකුත් නැහැ වැඩකුත් නැහැ...

:       24       69

prasanna Saturday, 26 April 2025 01:10 PM

කරන වැඩකුත් නෑනේ...

:       23       55

rana Saturday, 26 April 2025 01:10 PM

අපේ ඔෆිස් එකේ ඉන්නවා ගෝනි බඩා කියලා මිනිහෙක්..., එයා කියනවා ඔහු වැටුප් ගන්නේ නැහැ කියලා. බැලුවහම මිනිහගේ වැටුප යන්නේ එයාගේ අම්මගේ ගිණුමට.... පස්සේ මිනිහා අම්මාගෙන් වරින් වර අවශ්‍ය මුදල් ඉල්ලා ගන්නවා.

:       16       55

fairoos Saturday, 26 April 2025 03:30 PM

ඉතාම හොඳයි... රට හොරාකාපු කාලකණ්ණින්ට නම් හොඳක් සිදුවෙන්නේ නෑ.

:       46       14

Neel Saturday, 26 April 2025 03:36 PM

සහෝදරයා ඔබලාගේ අවංක උත්සාහයට රටේම ජනතාව පැහැදීමෙන් ඉන්නා බව මේ දවස්වල පවත්වන ඡන්ද රැස්වීම් වලින්ද ඔප්පු වෙනවා. මේක දරාගන්න බැරි බව මේතන පලවන සමහර අවලාද වලින්ද පැහැදිලිව ප්‍රකාශ වෙනවා. විපක්ෂයට සොරි තමයි. ඇයි හොරුන්ට, එයාලටත් ඒහෙම තමයි....

:       40       15

Toni Saturday, 26 April 2025 03:50 PM

දැන් බූරුවන් අඩුයි. සෙනෙවිරත්නයි, ෆයිරූසුයි කියන දෙන්නෙක් විතරක් තවම ඉතිරිවෙලා ඉන්නවා.

:       2       43

නිමල් පෙරේරා Saturday, 26 April 2025 04:21 PM

ඔයාලා කොච්චර ඉතුරු කළත් ජනතාවට නම් සහනයක් නෑ. පුළුවන් නම් ආණ්ඩුව ගන්න කොට පැලවත්ත කාර්යාලයේ අරමුදල් වල වත්කම්, බැරකම් ජනතාවට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අවුරුද්දක් ගාණේ ජනතාවට ඉදිරිපත් කරන්න. එතකොට ඒ සල්ලි වලට වෙච්චි දේ ඇත්තටම බලාගන්න පුළුවන්...

:       6       42

Nandana Saturday, 26 April 2025 07:17 PM

සාපේක්ෂ වාදය අපි ඇහුවේ නැහැ. ඔහු නඩු බඩු ගැන උනන්දුයි නේද?

:       1       26

Bandara Sunday, 27 April 2025 07:53 AM

රටේ ජනතාවට විශේෂයෙන් රවිය ජ්‍යේෂ්ඨ පුරවැසියා සඳහා දුන්නු 15% ක පොළිය දැන් 7.5 % ක් කරලා තියෙනවා. එහෙම කපාගන්නා මුදල් ප්‍රමාණය කොපමණද කියන්නකෝ. කියන්නේ නම් පොලියෙන් 10% ක් ගන්නවා කියලා කරන්නේ ලැබෙන පොලිය 50% කින් කපාගැනීම තමයි = (උදාහරණයක් හැටියට රවීගේ කාලයේ ලක්ෂ දහයක් සඳහා වසරකට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් ලැබුණා. අනුරගේ කාලයේ ඒක වසරකට රුපියල් හැත්තෑපන් දහසක් වෙනවා...)

:       0       0

තිලකරත්න Sunday, 27 April 2025 12:03 PM

නාස්තිය අවම කිරීම පිළිබඳව ඔබට ස්තූතියි. ප්‍රශ්ණය ඔබලා ඇත්ත කියනවාද කියන එකයි.. කමක් නෑ කොහොම වෙතත් එය පක්ෂ අරමුදලකට යනවා නම් ඔබේ ඉතිරියෙන් රටට වැඩක් නෑ. කෙසේ වෙතත් ඔබ වර්ෂයකට ඉතිරි කරන කෝටි පහෙන් අර කුණු මුඩුක්කු වගේ තියෙන බන්ධනාගාර ටිකවත් ප්‍රතිසංස්කරණය කරනවා නම් ඔබට විශාල ගෞරවයක් ලැබෙනවා. විසඳා ගතයුතු ගැටළු රාශියක් තිබුණත්.. අපි මෙවරත් මාලිමාවට ජන්දය දුන්නා.. නමුත් එය දිගටම එසේ වේවි කියා සහතිකයක් දෙන්නට බැහැ... ඔබලාගේ භාවිතාව තුළ තමයි අපි ඔබලා සමඟ රැඳෙන්නේ... කතාව අඩුකර වැඩ කරනවා නම් බොහෝම අගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site