
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම දිස්ත්‍රීක්කයේ පාසල් ළමුන් කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ විසින් පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත.
පසුගියදා වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබාදී එම ළමුන් දෙදෙනා පැහැරගැනීමට උත්සහ දරා ඇතැත් ළමුන් දෙදෙනො එම පිරිසෙන් බේරී කෑගැසීමත් සමග ප්‍රදේශවාසීන්ට බිය වී අදාල වෑන් රථය පලා ගොස් තිබුණි.
මේ පිළිබඳව අදාල පාසල් ළමුන්ගේ දෙමාපියන් විසින් මන්නාරම පොලීසියට හා පාසල වෙතට දැනුම් දීමෙන් පසුව මන්නාරම් දිසාපති කාර්යාලය , පාසල් විදුහල්පතිවරුන් මන්නාරම පොලීසිය, යුදහමුදාව හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සාකච්ඡාවක්ද සිදුකොට පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමේ වැඩසටහනක් දියත් කොට ඇත.
මේ අනුව මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට මෙන්ම මාවත් වලටත් ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා යුද හමුදාව යොදවා ඇති අතරම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව ළමුන් දැනුවත් කොට ඇත්තේ පයින් යන්නේ නම් තනිවම පාරේ ගමන් නොකරන ලෙසටත් කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසටත්ය.
එමෙන්ම නිවසින් පාසල වෙතට පැමිණෙන විටද බොහෝ සෙයින් තවත් පිරිසක් සමග පැමිණීමට පියවර ගන්නා ලෙසටද එසෙත් නැතිනම් නිවසේ වැඩිහිටියෙකු සමග පාසලට පැමිණෙන ලෙසටය.
කෙසේ වෙතත් පාසල් ළමුන් පැහැරගැනීමට උත්සහ ගත් පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලිවී නොමැති අතර අදාල සිදුවීම් සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයන් යුදහමුදාව සහ පොලීසිය විසින් ආරම්භ කර ඇත.

2025 නොවැම්බර් මස 04
836
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2479
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1780
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්නාරමේ දරුවන්ට විශේෂ ආරක්ෂාවක්
Kodi Wednesday, 10 May 2023 12:02 PM
අපි පාසල් ගිය කාලයේ සන්‍යාසි කියලා පැහැර ගැනීමට පැමිණි කණ්ඩායමක් නිසා අපි ඔය වගේම බය වුණා. කරවල වාඩිවලට ගෙනියනවා කියලා තිබුණා...
පිටිගල මිලානෝ Wednesday, 10 May 2023 12:27 PM
දරුවන් පැහැරගෙන කප්පමුත් අරන්, දරුවනුත් අමානුශික ලෙස මරාදාපු අද්මිරාල්ලා තවම නිදැල්ලේ…
සමන් විමල් Wednesday, 10 May 2023 03:51 PM
උම්බෑ කියන කොටම සතා කව්ද කියලා තේරුම් ගත්තහැකියි...