IMG-LOGO

මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්‍රියාත්මක කිරීම 6වැනිදා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 51/1 යෝජනා කෙටුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා ලබන 6වැනිදා යොදා ගැනෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ,ශ්‍රී ලංකාවේ මිත්‍ර රාජ්‍යයන්ගේ උදව් ඇතිව 51/1 යෝජනා කෙටුම්පත සඳහා එදින ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බව විදේශ කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනෙග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහය යටතේ 51/1 යෝජනා කෙටුම්පත සකස් කර ඇති අතර එයට මේ වන විට රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් සම අනුග්‍රාහකත්වය ලබා දී ඇතැයි පැවසෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් 47 දෙනෙක් සිටින අතර යෝජනා කෙටුම්පත ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සාමාජිකයින් දිනා ගැනීමේ උත්සාහයක නිරත වී සිටියත් එය අසාර්ථක උත්සාහයක් වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේ සමාප්ති කොටස සඳහා ජිනීවා නුවරට යාමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් ද ඊට සහභාගී වන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.මානව හිමිකම් කවුන්සිලයේ 51වෙනි සැසිවාරය ලබන 7 වැනිදා අවසන් වීමට නියමිතය.



අදහස් (0)

මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්‍රියාත්මක කිරීම 6වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site