(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ පිරිසෙන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඉකුත් 10 වැනි දා මෙම අවමංගල්‍ය පැවැති අතර ඊට සහිතයකට පමණ පසුව පවුලේ සාමාජිකයන් තිදෙනකුට හා අවමංල්‍යයට සහභාගී වූ කීපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.
මෙම අවමංගල්‍යයට සහභාගී වූ පවුලේ ඥාති සාමාජකයන් කීපදෙනකුට කලින් සිටම සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ අමාරුව, සහ උණ රෝග ලක්ෂණ තිබූ බවට සොයාගත් බව සෞඛ්‍ය අංශ කියයි.
මියගිය සෞඛ්‍ය අංශ සේවකයාගේ අවමගුලට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් සහභාගී වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිනුවන්ගොඩ මළගෙදරකින් කොරෝනා පුංචි පොකුරක්
සුමතිපාල Wednesday, 27 October 2021 05:54 PM
කඨින රැල්ල ළඟදීම...
kapila Wednesday, 27 October 2021 08:33 PM
අද වනවිට ග්‍රාමීය ප්‍රදේශ කිහිපයකම මෙවැනි කුඩා පොකුරු දකින්නට තිබුන. ආණ්ඩුවේ කාටවත් ගානක් නෑ. දෙසැම්බර් වෙනකොට මොනවා වෙයිද?
JAYATH Thursday, 28 October 2021 11:40 AM
මෙරටේ ඉන්න සමහරක් ට කොරෝන ගැන නෙමේ මොන මලදානයක් වත් තේරෙන්නේ නැහැ එහෙම උනානම් අද මේ රටට මේ වින්නැහිය වෙන්නෙත් නැහැ . මොලේ අබ ඇටයක තරම් වත් තියනවනම් මොන මගුලකට මළගෙවල් වල රිංගනවද ?
gamaathi Thursday, 28 October 2021 12:12 PM
ආණ්ඩුවට නං කොච්චර බෝවුනත් ප්‍රශ්නයක් නෑ. එන්නත් කිරීමයි ප්‍රදාන අරමුණ