
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම ප්‍රදේශයේ අවස්ථා දෙකකදී වෙඩි තැබිම් දෙකක් සිදුකර එම ප්‍රදේශයෙ නොසන්සුන්තාවයක් ඇති කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය සමඟ පුත්තලම කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිළධාරීන් විසින් සිදුකල මෙහෙයුමකින් පසු ඊයේ (28 ) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණේ අවුරුදු 30 හා 37 වයස් සිමාවල සැකකරුවන් දෙදෙනෙකු වන අතර මොවුන් මුන්දලම නවදන්කුලම පදිංචිකරුවන් බව කියයි.
මෙම අත් අඩංගුවට ගැනිම සදහා පුත්තලම කොට්ඨාශ බුද්ධි අංශය හා කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ බුද්ධි එකකක ලබා දුන් තොරතුරු මත මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණි.
අදාල වෙඩි තැබිමට සම්බන්ධව සැකකරුවන් සමග බෝර 12 ගිනි අවිය.ජීව පතොරම් තුනක් හා හිස් කොපු හතරක් මෙලෙස අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබු බව කියයි.
මෙම වෙඩි තැබිමට හේතුවි ඇත්තේ ඉඩම් සම්බන්ධ ආරවුලක් බවත් එම ආරවුල ඇති කර ඇත්තේ මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන්ට අදාල වෙඩි තැබිමට උපදෙස් දුන් ප්‍රධාන සැකකරු බවද විමර්ශන වලදී හෙළිව තිබේ .
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුන්දලමේ අවි සෙල්ලම් දැමූ දෙන්නෙක් අල්ලයි