IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මන්දෙන් මුදා ගත් කඳුකර දිවියා සමනල රක්ෂිතයට මුදා හරී

 

(රංජිත් රාජපක්ෂ)                       
 
ගිනිගත්හේන කෙනිල් වත්තේ ලඳු කැලෑවක අටවා තිබූ මන්දකට හසු වී සිටියදී මුදාගත්, පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියා නල්ලතන්නිය වනජීවි කාර්යාලය වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කර, අද(13) නල්ලතන්නිය  සමනල ස්වාභාවික රක්ෂිතයට අද(13) මුදා හැරි බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
වනජීවි අධ්‍යක්ෂක ජෙනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතාගේ උපදෙස් මත දිවියා සමනල ස්භාවික රක්ෂිතයට මුදා හරිනු ලැබුවේය.
 
සතුන් දඩයම් කිරීම සඳහා එම වතු යායේ වතු කම්කරුවෙකු අටවා තිබු මන්දකට අවුරුදු 6 ක් පමණ වයසැති හොඳින් වැඩුණු මෙම ගැහැනු දිවියා හසු වී සිටියදි රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු පිරිස ඉන් මුදාගත්හ.
 
අත්අඩංගුවට ගත් සැකකරු වනජීවි කාර්යයාලයේ නිලධාරින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මන්දට හසුවීමෙන් පසු දිවියා බේරීයාමට උත්සහ කිරීම නිසා උදරයේ තැලීම් තිබු බවද, දිවියාව නල්ලතන්නිය වනජීවි කාර්යාලය වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන් බවද, දිවියා නිරෝගි තත්ත්වයෙන් සිටි නිසා නල්ලතන්නිය ශ්‍රී පාද රක්ෂිතයට මුදා හැරි බවද රණ්දෙණිගල පහු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍යය අකලංක පිණිදෙණිය මහතා පැවසීය.

 



අදහස් (6)

මන්දෙන් මුදා ගත් කඳුකර දිවියා සමනල රක්ෂිතයට මුදා හරී

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 12:27 PM

අනේ වාසනාවන්..!!! මේ දිවියා මන්දකට හසුවී දිවි බේරා ගැනීමට තරම් වාසනාවන්ත වුණා. වනජීවී පශු වෛද්‍යවරුන්ටත්, අනෙකුත් කාර්ය මණ්ඩලයටත්, සහභාගි වූ සැමටත් මේ සතා බේරාගැනීම වෙනුවෙන් අනේක වාරයක් ස්තූතිවේවා... !!! එසේම පින් සිදුවේවා... !!! එය පරිසර හිතකාමි මෙහි ලියන සැමටත්, අපටත්, සැබවින්ම සතුට ගෙන දෙන්නකි. ප්‍රතිකාරවලින් පසු මේ සතා මොනතරම් සතුටකින්, නිදහසකින් වනයට දිවයන්නට ඇතිද..?

:       0       116

ධනා Tuesday, 14 July 2020 04:24 AM

දිවියන්ගේ ගැහැණු සතා කියලා වෙනසක් නෑ. බලන්නකෝ කැමරාව ඉස්සරහ අපේ ගැහැණු අය වගේමයි හැසිරීම....

:       0       15

sharm warn Tuesday, 14 July 2020 06:08 AM

මේ උතුම් කර්තව්‍යට සහභාගී වුන සියලු නිලධාරීන්ට, උදව් කළ ගම්වාසීන්ට බොහොම පිං.

:       0       11

විජිත් Tuesday, 14 July 2020 01:42 PM

මේ ඔයාගේ හොඳටයි කියන්නේ කොටි දුවේ.. ඔයා හරිම වාසනාවන්තයි. ඔයාව උගුලට අහුවුණු ඉසව්වේ "නොමිනිසුන්" ගැවසෙනවා. ඒ අය තමයි ඔය උගුල් අටවන්නේ.. වාසනාවකට.. ඒ නොමිනිසුන් අතරේ සිටින සැබෑ මිනිසුන් නිසා ඔයාට අද ජීවිතේ බේරාගෙන ආපසු යන්න ලැබුණා. ඇත්ත.. උපන් හැමෝටම වාගේ ඔයාලටත් ආසයි හැමතැනම ටිකක් ඇවිදලා බලන්න. ඒ වුණාට මිනිසුන් ගැවසෙන ප්‍රදේශ මගහැරලා ජීවත්වෙන්න බලන්න. ඔයාට වටින්නේ නැතිවුණාට " මිනිසුන් " අතරේ සිටින "නොමිනිසුන්ට " හරි වටිනවා ඔයාගේ ඔය තිත්තිත් ඇඳුම. ඔයාගේ දත්, නියපොතු විතරක් නොවෙයි දුවේ ඔයාගේ ඔලුවටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒවා ජාවාරම් කාරයින්ට දීලා මේ නරුමයින් රුපියල් දාහේ කොළ කිහිපයක් හුවමාරු කරගන්නවා. ඕවා නීතිවිරෝධී වැඩ. ඔයගොල්ලන්ට අතවත් තියන්න නීතියෙන් තහනම්...!!! ඒ වුණාට මේ රටේ නීතියක් නැහැනේ දුවේ..

:       1       112

thilak Wednesday, 15 July 2020 12:00 PM

මේ දිවියාගෙන් තේ වත්තේ සේවය කළ කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට අනතුරක් නොවීම පිළිබඳව සතුටු වෙමි..

:       24       11

vijithThursday, 16 July 2020 12:13 PM

මේ අදහසට අන්ලයික් කර ඇත්තේ කොළඹ ජීවත්වන "පොෂ් පරිසරකාමින්" විසිනුයි.

:       16       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site