IMG-LOGO

මන්ත්‍රී ජගත් කුමාර ගෙන් අගමැතිට ලිපියක්

 

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත්නම් එම තීරණය ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි  මහතා  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින්  ඉල්ලීමක් කළේය.

රජයට එරෙහිව විවිධ විරෝධතා මතුවී ඇති අවස්ථාවක එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත්  ආණ්ඩුවට එරෙහිව විරෝධය තවත් වැඩිවිය හැකි බවද  ඔහු එම ලිපියෙන් පෙන්වා දෙයි.

මහ බැංකු අධිපතිවරයා ඉදිරි  දිනවල එම තනතුරින් ඉවත් කිරීමට යන බවට  ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වෙමින් පවතින බවත් මෙවැනි ප්‍රචාර විශ්වාස කරමින් ජනතාව කලබල  වුවහොත් රටේ ලොකු අවුලක් ඇති වනු ඇති බවත් ජගත් කුමාර මහතා සඳහන් කරයි.

නන්දලාල් වීරසිංහ මහතා මෙම තනතුර බාර ගත්තේ විශේෂ රාජකාරි කටයුතු කිහිපයක  නියැලී සිටි අවස්ථාවක බවත්  අසීරු අවස්ථාවක රට වෙනුවෙන් වගකීම බාර ගත් අවංක නිලධාරියකුගේ සේවය කොයි මොහොතේ නැති වේද යන සැකයෙන් රාජකාරි කිරීමට සිදු වුවහොත් ඔහුට එය ලොකු පීඩනයක් වනු ඇති බවත්  මන්ත්‍රීවරයා එම ලිපියෙන් පෙන්වා දෙයි.

ආර්ථික අර්බුදය දේශපාලඥයන්,මහ බැංකු අධිපතිවරුන් සහ හිටපු ඇතැම් නිලධාරීන්ගේ අදූරදර්ශී තීරණ හා වැඩපිළිවෙළ නිසා සිදු වූ බවට ජනතාව තුළ   විශාල කලකිරීමක් ඇතිවූයේ  යැයි  පවසන ජගත් කුමාර මහතා රටපුරා පසුගියදා  විශාල කලබලකාරී තත්වයක් ඇතිවූයේද මෙම කලකිරීම නිසා බවත් ප්‍රකාශ කළේය.



අදහස් (5)

මන්ත්‍රී ජගත් කුමාර ගෙන් අගමැතිට ලිපියක්

MO77 Friday, 24 June 2022 08:24 PM

නන්දලාල් වහාම මහ බැංකු අධිපති තනතුරෙන් අයින් කළ යුතුයි. ඔහු ගෙනඑන විදේශ විනිමය අනුපාතය පාලන මිල නිසා ආර්ථිකය කඩාවැටීමට නියමිතයි. තෙල් හිඟය අත්‍යාවශ්‍ය භාණ්ඩ සභ ඖෂධ හිඟය තව තීවෘ වෙමින් පවතිනවා. තත්වය උග්‍ර අතට හැරෙන කොට නන්දලාල් ඹස්ට්‍රේලියා බලා පියඹා යනු ඇත.

:       7       8

Mo 88Saturday, 25 June 2022 10:32 AM

අනිවාර්යයෙන්ම ඔහු ඉවත් කළ යුතුයි.. ඔහු ගැන බොහෝ දෙනෙකු නොදන්නා නිසා ඔහුව අගය කළත් ඔහු අර්ජුන මහේන්ද්‍රන් සමයේ මහ බැංකුවේ දෙවෙනියා ලෙස කටයුතු කළ අතර, මේ සමයේ කාර්යාලයේ පැය 2-3 කට වඩා නොරැඳෙන ගෝල්ෆ් ගැසීමට දුවන, කිසි කෙනෙකුගේ මතක් පිලි නොපදින සර්ගේ ජාතියේම හිතෛෂියෙකි. සාමාන්‍ය මිනිසුන්ගේ ආර්ථිකය පිළිබඳ බිංදුවක හෝ දැනුමක් නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

:       0       4

Rasika Friday, 24 June 2022 09:37 PM

නන්දලාල් ගෙන්නුවේ කවුද? ඒ කෙනාගේ අනිත් තීරණ වගේම තමයි මේකත්...!

:       0       5

chandima Saturday, 25 June 2022 08:51 AM

මොනවා ලිව්වා වුණත් වචන ගලපලා ලියුමක් ලියාගන්න පුළුවන් මන්ත්‍රී කෙනෙක් වීමම ආඩම්බරයක්නේ...! ඒත් රනිල්ට තේරෙන්නේ ඉංග්‍රීසියෙන් ලියලා යැව්වොත්නේ?

:       0       2

Lalith M Saturday, 25 June 2022 03:48 PM

එතකොට රාජපක්ෂ පවුල තනිකරම අහිංසක අයද? තමනුත් ඇතුළුව පොහොට්ටුවේ සියලු සාමාජික වර්ගයා මේ රටට සිදුකළ අපරාධ වලට වගකිව යුතුයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site