
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සියලුම මන්ත්‍රීවරියන්ගේ අත්සනින් යුතු පැමිණිල්ලක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ( 19) බාරදී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත්දා පැවැති මන්ත්‍රීවරියන්ගේ සංසද රැස්වීමේදීද දීර්ඝව සාකච්ඡා කෙරුණු බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය පැවසුවාය.
මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට වඩා බාහිර පරීක්ෂණයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදය බව පැවසූ මන්ත්‍රීවරිය යම් හිංසනයක් සිදුවී ඇත්නම් වින්දිත නිලධාරිනියන්ට යම් සාධාරණයක් ඉටු විය යුතු බවද ප්‍රකාශ කළාය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවේ සාමාන්‍යයෙන් ආයතනයක මෙවැනි සිද්ධි වාර්තා වන අවස්ථාවන්හිදී බාහිර විමර්ශනයකට යොමු කිරීම ලෝකය පිළිගත් පැහැදිලි නීතිමය ක්‍රියාදාමය බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනී ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය. සිද්ධිය සම්බන්ධයෙන් මුලින් පත් කෙරුණු අභ්‍යන්තර විමර්ශන කමිටුව වින්දිත නිලධාරිනිය විසින් විශ්වාසනීයත්වය ගැන සැක මතු කරමින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි කටයුතු අතරමග නතරවිය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්ත්‍රීවරියන්ගෙන් කතානායකට පැමිණිල්ලක්