
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඔහුගේ ගම් පළාත වන ඩෙලවෙයාර් ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් මිනිත්තු 40 ක් පෝලිමේ සිට, සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් 5 වැනිදාය. ඊට පෙර, වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනපද මට්ටමින්, ඇමෙරිකන් වැසියන්ට අවස්ථාව උදා වෙයි.
බයිඩන්, නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයට ගියේ ඒ අනුවය.
ජනාධිපති ආරක්ෂක නිලධාරීන් බයිඩන්ට ආරක්ෂාව ලබා දුන් අතර, 81 හැවිරිදි බයිඩන් පෝලිමේ ඔහුට ඉදිරියෙන් රෝද පුටුවකින් පැමිණ සිටි වැඩිහිටි කාන්තාවකට සහාය දැක්වීමට ද අමතක නොකළේය.
මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප අගමැතිනී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්ය.
ජනමත සමීක්ෂණ අනුව, දෙදෙනා අතරේ තියුණු සටනක් පැවැත් වෙනු ඇතැයි ද පැවැසෙයි.
කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේ ද බයිඩන්ය. ඒ, පසුගිය ජූලි මාසයේ බයිඩන්, ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වීමෙන් පසුවය. බයිඩන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ ඔහුගේ වයස ඔහුට බාධාවක් වූ බැවිනි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා
Kaluwithana Wednesday, 30 October 2024 09:04 AM
මූ තමයි ලෝකෙම කාලකන්නි කරපු ලොන්තයා. යුක්‍රේන යුද්ධෙ පටන් ගත්තෙ මූ තමයි. ඒක නිසා තමයි අර ඊස්‍රායලෙයි පලස්තීනෙත් අහිංසක මිනිස්සු මලේ. ආපහු ට්‍රම්ප් ආවොත් කාලයක් යුද්ධ නැතුව තියෙයි. නැත්තන් ඉතින් සොරිම තමයි.