
(නාමිණි විජේදාස)
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත සහ විනිවිදභාවයෙන් යුතු ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ නව ටෙන්ඩරයක් කැඳවන ලෙස මෙරට විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා ඇත.
ඇක්සස් ඉංජිනියරින් සමාගම, මාගා ඉංජිනියරින් සමාගම, අයි.සී.සී සමාගම, කේ.ඩී.ඒ වීරසිංහ සමාගම සහ එන්.ඊ.එම් ඉදිකිරීම් සමාගම යන සමාගම් වලින් සැදුම්ලත් ලංකා යටිතල පහසුකම් සංවර්ධන සම්මේලනය මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබිණි.
චීනයේ එම්.සී.සී සමාගමට පිරිනමා ඇති කොන්ත්‍රාත්තුව මිලෙන් අධික බවත් දේශීය සමාගම්වලට තරඟකාරී මිලකට ඊට වඩා අඩු කාලයකින් ව්‍යාපෘතිය නිම කිරීමට හැකියාව තිබෙන බවත් එම සම්මේලනයේ මතය වී ඇත.
මධ්‍යම අධිවේගයේ පළමු කොටස සඳහා කිලෝ මීටරයක් සඳහා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ක මුදලක් චීනයේ එම්.සී.සී සමාගම අයකර ඇති නමුත් දෙවන කොටස සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් අයකර ඈත්තේ කිලෝ මීටරයකට ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 18 ක් පමණක් බව පෙන්වා දෙමින් ඉතිරි වැඩ කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමන්නේ නම් ඊට වඩා අඩු පිරිවැයකින් පළමු අදියර නිම කිරීමට හැකියාව තිබෙන බව එම සමාගම් පෙන්වාදී තිබේ.
චීනයේ එම්.සී.සී සමාගමට මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉතිරිව ඇති වැඩ ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 7.5 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති මොහොතක ලංකා යටිතල පහසුකම් සංවර්ධන සම්මේලනය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.
චීන එක්සිම් බැංකුව ව්‍යපෘතිය සඳහා ලබාදුන් ණය මුදල මුදා හැරීම අත්හිටුවිමත් සමග ව්‍යපෘතිය අතරමග නැවතුණු අතර ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ඇතැම් කොටස් කඩා වැටීමටද ලක්විය.
නව රජය අදාළ මුදා හැරීමට පසුගිය 18 වැනිදා තීරණය කළත් එය මහ ජනතාවට ප්‍රසිද්ධ නොකළේය. ජනාධිපතිවරණය පැවැත්වීමට දින කීපයකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණයක් තහවුරු කිරීම පමණක් නව රජය සිදුකර තිබිණි.
COMMENTS
ලංකාවේ ආයතනයකට කොන්ත්‍රාත්තුව දුන්නොත් සියලුම වැඩ කෙරෙන්නේ ලාංකික සේවකයින් අතින් නේද? විදේශීය සමාගමකට දුන්නොත් එවැනි දෙයක් සිදුවන්නේ නැත. ලාංකිකයින්ට ආර්ථික අතින් යහපත සිදුවන වග කියන්න ඕනෑ නැහැනේ...!
ලංකාවෙ ආණ්ඩුවට මේකට ගෙවන්න සල්ලි තියනවනම් ඔය කියන ආකාරයට අපි තෝර ගන්න අයට කොන්ත්‍රාත් දිය හැකියි. ණය නම් ණය දෙන අයගෙ කොන්දේසි වලට අනුව කල යුතුයි.
2015 යහපාලන කරුමය පල දුන්නේ නැතිනම් මෙලහට අවුරුදු ගනනාවක් ජනතාව මධ්‍යම අධිවේගය පාවිච්චි කරලා. ඊට පස්සේ 2020දි අපත ජෙප්පෝ පණුකරඳ ගහක් බදාගෙන බාධා කලා. දැන් අඩුවට හදන්න ඉල්ලන සමාගම්වලට ඒ කාලේ අවශ්‍ය තාක්ෂණය තිබුනෙත් නෑ. දැන්වත් ඕක හදල ඉවර කරපල්ලා.
සමහර කොමන්ට්ස් වලින් පේන්නේ ලංකාවේ මිනිස්සු කොච්චර නූගත්ද කියලා. ඇත්තටම කිව්වොත් ඔවුන්ව නූගතුන් කලේ අද ආණ්ඩු කරන අයම තමයි පහුගිය දශක 5 ඇතුලත. ලංකාවට ආයෝජනය කරන්න ප්‍රාග්ධනය තියෙනවා නම් කිසිදු විදේශ ආයෝජනයක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ කට්ටිය එදා සිහින ලෝක මැව්වා ත්‍රීකුණාමලේ තෙල් ටැංකි සුද්ද කරලා ප්‍රයෝජනේට ගන්නවා කියලා. අද ඒකට යන පාර සුද්ද කරගන්න අවශ්‍ය සල්ලි නැතුව හිරවෙලා. ඒකටත් ආයෝජකයෙක් හොයන්න වෙලා.
"දැන් කාපට් කරන්නෙ රත්තරන් වලින් නොවන නිසා, ඉතා අඩු මිලට පාරවල් හදන්න පුළුවන් බව සියලු වාචාල මුඛරියන්ට දැන් හොඳින් අවබෝධ විය යුතුය."
2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව උනේ අධිවේගී මාර්ග වල 1km කට වැයකරන මුදල. මිනිස්සු ගොඩක් තීන්දු තීරණ ගන්න වගේම සොරකම් ගැන කතා කරන්න මේක හේතු උනා. ඒ දවස්වල ගනන් හදල ඉතා අඩු මුදලින් highway හදන හැටි කියපු මිනිස්සු අද ඒ සඳහා වියදම් කරන මුදල ගැන නිවැරදිව රටට කිවයුතුයි.
"ලංකාවේ ආයතන වලින් ටෙන්ඩර් ලැබුණාම දැන්ගන්න පුළුවන් හයිවේ හදන්න යන මුදල. කලින් කිව්ව විදිහට නම් එද මුදලෙන් 20%ක් කරලා පුළුවන් වෙන්න ඕන. 2015 යහපාලන රජය ආවේ නැතිනම් ඔය පාර හදලා ඒකෙන් ලැබෙන තෙල් වල ප්‍රතිලාභෙන් පාරේ වියදම් බාගයක් පියවා ගන්න තිබුණා. පැයක ගමනට පැය 5ක් 6ක් ගතවෙනවා. ඒකෙන් වෙන වියදම හිතාගන්න පුළුවන් නේ."
අලුත් මිස්ටර් ටෙන් පසන්ට් කවුද?