
(නිමල කොඩිතුවක්කු)
මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාලවරයා ලෙස ආර්. එස්. පී. කපිල මහේෂ් රාජපක්ෂ මහතා පත් කර තිබේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රාජපක්ෂ මහතා වෙත පරිසර අමාත්‍යංශයේ දී ඊයේ (25) ප්‍රදානය කරනු ලැබීය.
කපිල රාජපක්ෂ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිලාභියෙකු වන අතර රුහුණු විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලසුම්කරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යාව සහ පරිසර කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියත් ලබා ගෙන ඇත.
දකුණු ආසියානු සහයෝගීතා පරිසර වැඩසටහන මගින් ක්‍රියාත්මක වන, ”දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුදු කලාපීය ව්‍යාපෘතියේ පරිසර සහ සමාජ සංවර්ධන විශේෂඥයෙකු ලෙස කටයුතු කර ඇති රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද JICA අරමුදල් සහිත සංවර්ධනය වන ප්‍රදේශවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ ) ද ක්‍රියාකාරී පරිසර විශේෂයෙකු ලෙස කටයුතු කර ඇත.
එමනේ ම ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිළධාරියෙකු ලෙස කටයුතු කර ඇති රාජපක්ෂ මහතා මෙරට ක්‍රියාත්මක කරන ADB අරමුදල් සහිත, දෙවන පෙළ නගර සහ ග්‍රාමීය ප්‍රජා පාදක ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ විශේෂයෙකු ලෙස කටයුතු කර ඇත.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ
lalaith Tuesday, 26 August 2025 05:07 PM
දුරට පෙනුනේ සුදා වගේ...
ලුම්බිණි Wednesday, 27 August 2025 06:24 AM
ගතිපු උපාධි වලින් වැඩක් නැහැ . හරියට වැඩ කරනවා නම් එච්චරයි .