IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්

(ටී.කේ.ජී.කපිල )

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , " කුෂ්" සහ " හෂීෂ් " මත්ද්‍රව්‍ය තොගයක්  ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය   (Express Mail Service ) ඔස්සේ , කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව  වෙත ලැබී තිබියදී , කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද(23) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

 ඇමෙරිකාව , එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල  සිට ශ්‍රී ලංකාවේ  මීගමුව , කදාන , කතරගම , ගනේමුල්ල , මාළඹේ , කොළඹ ප්‍රදේශයේ ලිපිනයන් කීපයකට එවා තිබූ සැක කටයුතු පාර්සල් 14 ක් , රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා  ( Scan Test ) කිරීම් සිදු කර , ඒවා අතරින් පාර්සල් 12 ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙම මත්ද්‍රව්‍ය තොගය අතර " කුෂ්"  කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 677 ක් සහ " හෂීෂ් " කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 852 ක් තිබූණි. මීට අමතරව මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදනය කළ විද්‍යුත් දුම්වැටි තොගයක් සහ චුයින්ගම් තොගයක් තිබීමද විශේෂත්වයකි .



අදහස් (0)

මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site