IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

(රෝෂන් තුෂාර)

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන රහස් පොලිසියට පවරන්නැයි ඔහුගේ (මදුෂ්ගේ) බිරිඳ කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නාක මහතා අද (07) ප්‍රතික්ෂේප කළේය.

මලිගාවත්ත පොලිසියේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් පොලිස්පතිවරයාට, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් පතිවරයාට හෝ රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවා කොමිසමේ චක්‍රලේඛ ප්‍රකාරව විමර්ශන රහස් පොලිසිය වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

මදුෂ් නැමති මරණකරුගේ පච්චාත් මරණ පරීක්ෂණ විමර්ශනය සිදුකර තීන්දුවක් ලබා දී ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අධිකරණය ලබා දී ඇති තීන්දුව ප්‍රකාරව ඉදිරි විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් මස 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාලිගාවත්ත පොලිසියට නියෝග කළේය.

මාකඳුරේ මදුස්ගේ බිරිඳ වන මාකඳුරේ ගයානි මුතුමාලි වෙනුවෙන් ඉදිරිපත් කළ මෝෂමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කෙරිණි.

 



අදහස් (0)

මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site