IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ

(සුජිත් හේවාජුලිගේ )

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන්  80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මින් හැටකට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව එම නිලධාරියා සඳහන් කළේය.

මේ අතර  හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනකු  මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉතා ඉක්මනින් එම නිවාසවලින් ඉවත්ව යන බවට හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනා දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස  වෙන් කිරීම ලබන මස 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත තමන්ටම  නිවාස නොමැති දුරබැහැර පළාත්වල   මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස  ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යයි. මේ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේද සහාය ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් 110කට පමණ  මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීමට නියමිතය.



අදහස් (11)

මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 28 November 2024 01:41 AM

පුනරුදය උදාවෙන්නයි යන්නෙ යාලුවනේ.

:       8       101

Perera Thursday, 28 November 2024 04:54 AM

මේ වගේ බංගලා මාදිවෙල නැහැ

:       84       20

hasitha perera Thursday, 28 November 2024 06:08 AM

බොරු කියලා ඇවිත් තියෙන්නේ මලපෙරේත රැලක් නේ මුන්ට ගෙවලුත් නැහැලු දැන් . කෙලියා තාප්පෙට .ගෙවල් ගන්න ඔන්න පෝලිමේ .මුන්ට සල්ලිත් නැහැ කියයි .එතකොට පඩිය ගන්න පොලිමෙත් ඉඳියි

:       24       94

Gamini Thursday, 28 November 2024 08:59 AM

මුන් කිසි එකෙකුට ලැජ්ජාවක් නැති හැටි .දැන් මෙතන අපුල්ලන එවුන් අපුල්ලයි ලොවෙත් නැතිවෙන්න .කඩේ යන උන්ටත් ලැජ්ජාවක් නැහැ

:       8       85

janahitha Thursday, 28 November 2024 09:08 AM

ජාතික ජනබලවේගයේ බොහොමයක් මන්ත්‍රීවරුන්ට අගනගරයේ නිවාස නැහැ . ඔවුන් දේශපාලනය කලේ මිතුරන්ගේ තාවකාලික නවාතැන් වල සිට .ඔවුන්ට මාදිවෙල දීමේ ගැටළුවක් නැහැ .සියලුම මන්ත්‍රීන් වැඩිපුර ගැවසිය යුත්තේ තමන්ගේ ආසන වල. ප්‍රේමදාස, ජේ ආර් නියෝග කළා මතකයි

:       76       30

UKRAN Thursday, 28 November 2024 10:09 AM

NPP අය ආවේ නම් මොනවත් එපා කියලා . මේ යන විදියට අනික් අය 75 අවුරුද්දක් කරපුවා මෙයාලා අවුරුදු 5 න් කරයි වගේ හොඳටම

:       19       76

සෙනෙවිරත්න Thursday, 28 November 2024 11:43 AM

මොනවත් එපා කියල ආවේ නැහැ, තමන්ට හිමි දේ ගන්නවා, වි⁣ශේෂ වරප්‍රසාද තමයි අනවශ්‍ය, මෙතන ගොං කතා කියල ඒවට කමන්ට් කරන කුලී කල්ලිය තවමත් හිතේ අමාරුවට වැඩ වගේ තව වසර දහයක් වත් ඔහොම අවලාද කිය කිය ඉන්නම වෙයි,

:       49       10

සිල්වා Thursday, 28 November 2024 11:56 AM

මන්ත්‍රීවරුන්ට පඩිය නම් සෑහෙන්න මදි. වරප්‍රසාදත් ගන්නෙ නැති නිසා පඩිය වැඩිකර දීම සුදුසුයි.

:       37       1

randil dunuwille Thursday, 28 November 2024 02:24 PM

දුර බැහැර ඉදලා පාර්ලිමේන්තුවට එන කෙනෙකුට දුර අනුව සළකා දෙන එක සාධාරණයි... ඕනෑම පක්ෂයක ඉන්ධන වලට යන මිල අඩු කරලා දෙන්න ක්‍රමයක් හදන්න ඕනෑ

:       23       5

Hashan sanjula nicholas Thursday, 28 November 2024 08:36 PM

මට නම් පේන්නේ මයිත්‍රී-රනිල් සීසන් 2 වෙයි වගේ... තව මාස 6කින් වගේ.

:       0       2

Janitha Saturday, 30 November 2024 09:44 AM

සෙනවිරත්න රෙදිසෝදනවා ලොවෙත් නැතිවෙන්න. නියමයි ආ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site