IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘‘මුදල් අමාත්‍යාංශය ලබා දෙනවනම් රටේ ආර්ථිකය ගොඩඅරගෙන පෙන්වනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

මුදල් අමාත්‍යාංශය තමන්ට ලබා දෙන්නේනම් රටේ ආර්ථිකය ගොඩඅරගෙන පෙන්වන බව අමාත්‍ය දයා ගමගේ  මහතා පැවසීය.මුදල් හම්බකරන්නත්  ඕන තැනට මුදල් යෙදවීමටත් අවශ්‍ය දැනුම තමන් සතු බවද   අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹදී අද (15) පැවති උත්සවයකට එක්වෙමින්  අමාත්‍යවරයා  මේ බව පැවැසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජ සවිබලගැන්වීම් සහ ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ  මහතා

        ‘‘අපි අද අලුතින් ලක්ෂ හයකට සමෘද්ධිය ලබාදුන්නා. ඉදිරියේදී තවත් ලක්ෂ තුනහමාරකට සමෘද්ධිය ලබාදීමට මම පියවර ගන්නවා. සමෘද්ධි නිලධාරීන්ට රැකියාව දුන්නට පුහුණුව ලබාදීලා නැහැ අපි ඒ පුහුණුව ලබාදෙමින් යනවා.

ඒ වගේම සමෘද්ධි ලාභීන් සඳහා ව්‍යාපෘති පනස්දහසක් අපි සැලසුම් කරලා තියෙනවා. මාස දෙකක් තුළ සමෘද්ධි බැංකු පද්ධතිය පරිගණක ගත කිරීමටත් අපි සැළසුම් කරලා තියෙනවා.

මේ සියලු කටයුතු සඳහා අග‍්‍රාමාතය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය අපට ලැබෙනවා. අපි කරගෙන යන වැඩපිළිවලට එතුමන් ශක්තිය ලබාදිලා තියෙනවා.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට  මොනවා ගිහින් කිව්වත් බැහැ කියලා තමයි එකපාරට  කියන්නේ. අගමැතිතුමා මට මුදල් අමාත්‍යාංශය  දුන්නනම් අද රටේ තියෙන මේ මුදල් ප‍්‍රශ්නය ඇති වෙන්නේ නැහැ.

මේ ආරථිකය මම ගොඩ අරගෙන පෙන්වනවා. මුදල් හම්බකරන්නත් අපි දන්නවා. මුදල්  ඕන තැනට වියදම් කරන්නත් අපි දන්නවා.

මට ප‍්‍රථමික කර්මාණ්ත අමාත්‍යාංශය දෙද්දි බෝඩ් ලෑල්ලක් විතරයි දුන්නේ. ඉන්න තැනක්, පුටුවක්, මේසයක්, නිලධාරීන් හිටියේ නැහැ. ඒත් මේ කෙටි කාලය තුල අපි මේ අමාත්‍යාංහය මගින් රටටත් ජනතාවටත් විශාල සේවයක් ඉටු කරලා තියෙනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

 



අදහස් (9)

‘‘මුදල් අමාත්‍යාංශය ලබා දෙනවනම් රටේ ආර්ථිකය ගොඩඅරගෙන පෙන්වනවා‘‘

Chathuri Sunday, 15 September 2019 07:28 PM

ඔබ සදහන් කරලා තියෙනවා. රැකියා දුන්නට. පුහුණුව ලබා දීලා නැහැ කියල , ඔය වගේ තමයි. හැම ආයතනයක්ම වැඩ. දන්නේ නැති කට්ටිය තමයි. ආයතන හිගා කන තත්වයට ගේන්නේ , මේවා. ළදරු පාසල් නෙමේ රැකියාව කරන ගමන් ඉගෙන ගන්න. , අන්තිමට රජයේ දේපල තුට්ටු දෙකට තමන්ටයි ,පවුලේ අයටයි මිත්‍රයින්ටයි බෙදල දුන්නා මේ. ඇමතිලා හිතන්. ඉන්නේ අපි බෝනික්කෝ කියලා , ඔබ කියන. විදියට මුදල් අමාත්‍යංශය ඔබට බාර දෙන්න , මේ රටේ. නිතිය ක්‍රියාත්මක නැති නිසානේ. බාර දුර කටයුතු වලට ඉදිරිපත්. වෙන්නේ , මහින්ද ,රනිල් මොනවද. කෙරුවේ මහා බැංකුවට , කිසිම දෙයක් නොවුන ගන්නට නැවත. ජනාධිපති තරගෙටත් එන්න හදනවා , අපේ රටට බැංකුවලින් වැඩක් නැහැ , යතුර. බාරව තියෙන්නේ හොරුන්ගේ අතේ , මිට වැඩිය හොඳයි හැම ගෙදරකටම කැටයක් දුන්නනම් තමාගේ වැඩිපුර මුදල්. ඒ කැටයට දමන්න , නැතිනම් වෙන්නේ වැඩි පොලියට ගිහින් තියෙන ටිකත් නැති වෙන. එක , ජනතාවට මේ වෙලාවේ අත්‍යවශ්‍යම දේ , ජනාධිපති කෙනෙක් නොවේ රටේ. නිතිය ඉල්ලා , පාරට බැසීම , ලොක්කට නැවකට හොරෙන් කන්න පුළුවන් කිසිම දඩුවමක්. නැහැ , පොඩි මිනිහ පොල් ගෙඩියටත් හිරේ යනවා ,

:       1       8

කෝ දහනායක Monday, 16 September 2019 02:12 AM

හැකියාවක් හා දැක්මක් ඇති මෙතුමා සජිත්ට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදුසුයි.

:       68       25

Gamarala Tuesday, 17 September 2019 10:18 AM

අපරාදේ මෙච්චර කල්... හිටියේ. කල්ඇතිව කිව්වා නම් දෙනවනේ ඇට්ටි හැලෙන්න. එහෙම වුණා නම් මෙලහකට මහබැංකුව තියා අපට රටකුත් නැහැ... ඕවා කියන්න...

:       0       0

asoka Tuesday, 17 September 2019 11:55 PM

ඔහොම තමයි රවී සහ මංගල කීවෙත්..

:       2       17

wedage Wednesday, 18 September 2019 08:53 AM

හිතේ ඇති ඔබගේ මල්ලත් පුරවගන්න .....

:       15       24

Kumara Friday, 20 September 2019 03:56 PM

රටේ නිකමුන් බෝ කරන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෑද?

:       0       10

Kumar Friday, 20 September 2019 04:08 PM

අර ඉස්සර "අමාරිස් අයියා" අහනවා වගේ "හීනෙන්ද ඕයි" කියලයි අහන්නයි තිබුනේ. ඔය කතාවට රැවටෙන අය ලංකාවේ ඉන්නවද?

:       0       33

HARAMANIS Sunday, 22 September 2019 03:38 PM

මෙයාද පීපල්ස් බැංකුවට පොල්ල තියලා රයිට් ඔෆ් කළේ? අනේ දුප්පත් මිනිස්ස්සුන්ගේ සල්ලි..!!!

:       0       0

බස්සා Sunday, 22 September 2019 04:13 PM

මෙයාලගේ එත්නෝල් බිස්නස් ගැන දන්නො දනිති. සීනි හදන ගමන් සීනි වලටත් වඩා එතනෝල් හැදුණු විදිය. අනේ මෙහෙමත් රටක අපි ඉපදුණානේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site