
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ බටු විට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසක් වටලා එම ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
එම සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් හැටදහසකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිය ගැබිණි බිරිඳ සමඟ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයට ගොස් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ නිවස තුළ පැකට් කරමින් සිටින බවට ලද තොරතුරකට අනුව නිවස වටලා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් රොමෝ නිල සුනඛයාද යොදවා නිවස දැඩි සෝදිසියට ලක් කළ බව පොලිසියය කියයි.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනක් තිබුණ කෙනෙක් ජාවාරම්කරුවෙක් කියා හැඳින්වීම සුදුසු නැතෙයි කියායි මට හිතෙන්නේ.. මොහු සිල්ලර වෙළෙන්දෙකි ගල්කිස්සේ බඩෝවිට වෙළෙන්දා තොග වෙළෙන්දෙක් විය හැකියි. ජාවාරම්කරු ඊට එහා ගිය සැපයුම් ජාලයක් තිබෙන අයයි..