IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්

(ජේ.ඉඳුරුවගේ)

මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර  වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි   අයවිය  යුතු  සුරාබදු   ප්‍රමාණයන් නියම කරමින් මුදල් ,ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයාට    සුරා බදු ආඥා පනත අනුව පැවරී ඇති බලතල අනුව නියමකර ඇති මෙම බදු ප්‍රමාණයන් ප්‍රකාශයට පත් කරමින් හා මෙම බදු සම්බන්ධයෙන් මීට පෙර බලපැවැත්වූ 2023.12.31 හා 2364/35 අති විශේෂ ගැසට් පත්‍රයේ 04/2023 දරන සුරාබදු නිවේදනය අවලංගු කරමින්    මෙම ගැසට් නිවේදනය  ජනවාරි 10  දාතමින්   නිකුත් කෙරිණි .

ඒ අනුව  නිෂ්පාදනාගාරවලින් නිකුත් කරන  විශේෂ අරක්කු මධ්‍යසාර සෑම ලීටර් එකකටම රුපියල් 7244 ක් ,ඉක්ෂුපාත තල් ,පොල් සහ පදම්කළ අරක්කු මධ්‍යසාර ලීටරයකට රුපියල් 7752 ක් ,විදේශීය ස්ප්‍රීතු මධ්‍යසාර ලීටරයකට රුපියල් 7969 ක් ලෙස  අයවිය යුතු    සුරාබදු ප්‍රමාණ  නියම කර තිබේ.

  සැර   ප්‍රතිශතය  සියයට 05 හෝ ඊට අඩු   ධාන්‍ය මධ්‍යසාර ලීටරයකට රුපියල් 5735 ක් හා එය  සැර සියයට 05 ට වැඩි වන්නේ නම් රුපියල් 6015 ක් ලෙස සුරාබද්ද නියම කර ඇති අතර මෙම දෙවර්ගයම යම් විදේශ රටක් වෙනුවෙන් මෙරට සිටින යම් තානාපති දූත මන්ඩලයක ප්‍රයෝජනයට  නිෂ්පාදනාගාරයෙන්  නිකුත් කරන විට  එම මත්පැන්  සඳහාවූ ගෙවීම් එම මණ්ඩලවල විදේශීය ගිනුම්වලින්  කරන්නේ නම් එම මත්පැන් ඕනෑම ප්‍රමාණයක් වෙනුවෙන්  මෙකී බදු අය නොකළ යුතු යැයිද  නියම කර ඇත.

රා හෝ වෙනත් ධාන්‍යවලින් හැදූ මත්පැන් හැර තාල වර්ගයේ හෝ වෙනත් පැළෑටියකින් ස්වාභාවිකව ආසවනය කිරීමෙන් බැහැරව නිපදවන මත්පැන් මධ්‍යසාර  ලීටරයකට රුපියල් 5735 ක්,මධ්‍යසාර ප්‍රතිශතය සියයට 18 ට අඩු දේශීය ශාක ද්‍රව්‍ය හෝ ශාක නිෂ්පාදන හෝ සත්ව කිරි  මගින් ආසවනය කිරීමෙන් බැහැරව නිපදවන මධ්‍යසාර ලීටරයකින් රුපියල් 1567 ක් වශයෙන් සුරාබදු ප්‍රමාණයන්  නියම කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නිපදවන කිරි පොන්සා මධ්‍යසාර ලීටරයකට රුපියල් 3982 ක් ,සැර සියයට 04 ට නොවැඩි සයිඩර් මධ්‍යසාර ලීටරයකට රුපියල් 4347 ක්  වශයෙන් මෙම බද්ද නියම කර ඇත.

ඉහත සඳහන් සියලු මත්පැන් කවර ප්‍රමාණයක් වුවද  අපනයනයේදී ඒ සඳහා නියමකර ඇති බදු ප්‍රමාණයන් අය නොකළ යුතු බවද නියම කර තිබේ.



අදහස් (3)

මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්

Lalla Wednesday, 15 January 2025 10:48 AM

මේ කියන විදියට කොහොමද අඩුමිලට මත්පැන් දෙන්නේ? හොර සුරා වලට පාර ඇරල....ගම්වල ඉන්න දේශපාලකයින්ට ජය මගුල් වෙයිද?

:       1       16

de silva Wednesday, 15 January 2025 01:26 PM

කස්සිපු මුදලාලිට රජ මගුල්...

:       0       14

Ruwan R Wednesday, 15 January 2025 02:33 PM

මේකට තවත් බදු ගහන්න එපා යකුනේ. වඩු වැඩ, මේසන් වැඩ වල ඉඳන් රටේ සියලුම තාක්ෂණික රැකියා කරන මීනිස්සු අරක්කු මීලට ගලපලා තමන්ගේ අය කිරීම වැඩි කරනවා මේ හින්දා. ඒකත් ගෙවන්න ඕනේ අපිනේ ඊ ළඟට. එක්කෝ අරක්කු ලංකාවෙන් අයින් කරන්න ඕනේ. එහෙම නැතිව ආණ්ඩු කරන්නේ අරක්කු විකුණලා නම් අනික් මිනිස්සුන්ට වදයක් නොවෙන්න ඒක විකුණා ගන්න ඕනේ.

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 992 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site