
(සුජිත් හේවාජුලිගේ)
නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ට නියෝග කර ඇත.
හෙද නිලධාරිනියන් මේ දක්වා රාජකාරි කර ඇතැයි පැවසෙන්නේ සාරි වලින් සැරසීගෙනය.
හෙද නිලධාරීන්ද සාමාන්‍ය ඇඳුමෙන් රාජකාරිය කර ඇති බව පැවසේ.
කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ කටයුතු හදිසියේම නිරීක්ෂණය කළේය. ඔහු මෙසේ උපදෙස්දී ඇත්තේ ඒ අවස්ථාවේදීය.
මේ අතර පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය කුඩා කාමරයක පවත්වාගෙන යන හෙයින් එය පුළුල් කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
ඒ අනුව එම කාර්යාලය පුළුල් කිරීමෙන් කටයුතු ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රාජකාරී සඳහා යොදවනු ලැබ සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන් පිරිසකි.
COMMENTS
හොඳ තීරණයක්. හැම වැඩක්ම ඒ අදාල ක්‍රමවේදය පිලිපදිනවනම් වැදගත් විදියට වෙයි.
කන්න බොන්න දිලා බෙහෙතුත් දිලා බලාගන්න හදන්නේ!
සාරි ඇඳගෙන හෙදකම කරන්න පුළුවන්ද..? මෙච්චර කල් මේ කෝලම් නොදැක්ක සෞඛ්‍ය බලධාරීන්ගේ ඇස් අන්ධ වෙලාද තිබුනේ..? බලාගෙන ගියාම මේක පිස්සන්ගේ රාජධානියක්නේ.. දැන් ඉතින් මේක අල්ලාගෙන අර දොස්තොර මාෆියා කල්ලියේ එවුන් ස්ට්‍රයික් කරයිද දන්නේ නැහැ.
එක්තරා වරප්‍රසාදයක්. 1990 පටන් 2015 පමණ තෙක් යම් අය විශේෂ වරප්‍රසාදයක් ලෙස මෙහි සේවය කළා. ඇය මැති ඇමැතිවරුන්ට සුවිශේෂී සේවා සැපයීමෙන් තම පැවැත්ම තහවුරු කරගත්තා... බොහෝ විට අපි දකිනවා මැති ඇමැතිවරුන්ට බෙහෙත් වටටෝරු මලු රහසින් ගෙන වාහනයටම දමනවා. හෙදි නිල ඇඳුම නම් අයින් කරේ මනමාල මන්ත්‍රීවරුන්ගේ කේස් එකකට...