IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


මැතිසබයේ කෑමබිල කෝටි නවයට නගී

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ  එහි අමුත්තන්ට   ආහාර පාන සැපයීම සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් කෝටි නවයක් දක්වා ඉහළ  නැග ඇතැයි වාර්තාවේ.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම වියදම්  තවදුරටත් ඉහළ යා හැකි බව  පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ  නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන අන්දමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ අමුත්තන්ට  ආහාර පාන සැපයීම සඳහා 2020 වසරේදී දරා ඇති මුදල  රුපියල් අට කෝටි  හැත්තෑ  අට ලක්ෂ විසි අට දහස්  අසූ දෙකකි.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජල බිලද රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග  ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජලය සැපයීම වෙනුවෙන් 2020 වසරේදී වැයවී ඇති මුළු වියදම  රුපියල් හත් කෝටි  හතළිස් හය ලක්ෂ විසි පන් දහස්  තුන් සිය විසි තුනකි.

පවතින ආර්ථික තත්වය  යටතේ පාර්ලිමේන්තුවේ මේ  වියදම්  හැකිතාක් සීමා කරන ලෙස රජය එහි ප්‍රධානීන්ට මෑතකදී  දැනුම්දී  ඇත.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ  ආහාර වියදම්ද උපරිම සීමාවට පැමිණ ඇතැයි රජයේ  ආරංචි මාර්ගවලින් පැවසේ.



අදහස් (6)

මැතිසබයේ කෑමබිල කෝටි නවයට නගී

සිරි Friday, 18 March 2022 01:34 PM

225 කාලා බීලා අපිට කියනවා කැපවීම් කරන්න කියලා... ඕන්න ආශ්චර්යය...!

:       0       20

ranjith Friday, 18 March 2022 02:05 PM

මෙහෙ දුප්පත් ළමයින්ට කිරි ටිකක් දෙන්න කිරි පැකට් එකක් හොයාගන්න නෑ. ඔය ටිකෙන් දුප්පත් පවුල් වලට කිරිපැකට් එක ගානෙ දුන්නා නම් හොඳ නැද්ද?

:       0       17

සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 March 2022 03:38 PM

රට කනවා මදිවාට පාර්ලිමේන්තුව ඇතුලේත් කන්නේ පුදුම කෑමක්නේ .. බුදු අප්පොච්චියේ රටකට ගිය කලක්..!

:       0       2

ජනතාව Friday, 18 March 2022 07:20 PM

ඇත්තෙන්ම මෙම පක්ෂ විපක්ෂ හැමෝම රට පාලනයට සුදුසු නැහැ.

:       0       3

ගමේ එකාලා Friday, 18 March 2022 07:38 PM

කාලා තෙල වැඩිවෙලා, ශරීර කූඩුව ඇරලා ගියාට මොලේ නැහැ. සත්තු වගේ හැසිරෙන හැටියෙන්ම පේන්න තියෙනවා...

:       0       3

Bunny Preen Saturday, 19 March 2022 10:39 AM

එතකොට ඔක්කොම කෝටු කිතයියලා.. පොඩ්ඩක් කල් ගිහිල්ලා බලනකොට පිපිරෙන්න ඔන්න මෙන්න කියලා තියෙන බැලුන් වගේ... හිතාගන්න පුළුවන් මේගොල්ලෝ කොහොම ගිලිනවද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site