IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


මතට ඇබ්බැහි වු පොලිස් නිලධාරීන් සොයන්න බුද්ධි නිලධාරීන්

(ඉන්දිකා රාමනායක)

අයිස් , හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධරීන්  හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

පොලිස් ස්ථාන වල  එවැනි  මත්ද්‍රව්‍ය භාවිතා කරන  බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන්    අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා  සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවද   හෙතෙම පැවසීය.

අයස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්හි වු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ලංකාදීපය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

ගංජා පානය  කර හසුවන පොලිස් නිලධාරීන් මුල් අවස්ථාවේ  ස්ථාන මාරුවක්  ලබා දීමට ක්‍රියා කරන බවත්, හොරොයින්  හෝ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරනය වන පොලිස් නිලධාරීන්  අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව   පොලිස් සේවයෙන්ද ඔවුන්    නෙරපා හැරීමට  බවද හෙතෙම පැවසීය.

පොලිසිය තුළ  මේ දක්වා  අත්අඩංගුවට පත්ව ඇත්තේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් පමණක් බවත්,  ආධුනික උප පොලිස් පරීක්ෂකවරුක් දෙදෙනෙක් ද  අත්අඩංගුවට පත් පිරිස අතර සිටි බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය භාවිතා කරන බොහෝ නිලධාරීන් හසුවන්නේ  බස්නාහිර පළාත තුළ  බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ අතර    යුද හමුදාව තුළ ද අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්හැහිවුවන් වැඩි වශයෙන් සිටින බවට වාර්තා වී ඇති බව හමුදා ආරංචි මාර්ග පවසයි.

 ඇතැම් සෙබළුන් මෙන්ම  යුද හමුදා නිලධාරීන් ද  අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව  සිටින බව එම ආරංචි මාර්ග පවසයි.

පසුගිය දිගක අයිස් පානය කිරීම  සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු හා   යුද හමුදා පොලිස් හේවා බලකායේ සෙබළකුද  පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.




 

 



අදහස් (4)

මතට ඇබ්බැහි වු පොලිස් නිලධාරීන් සොයන්න බුද්ධි නිලධාරීන්

Perera Monday, 17 July 2023 06:25 AM

එතකොට මතට ඇබ්බැහි වුණු බුද්ධි නිලධාරීන් නැති බව හොඳටම විශ්වාසද?

:       0       1

dasun Monday, 17 July 2023 08:24 AM

මෙරට ධාවනය වන සියලුම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සතියක් ඇතුලත මේ ආකාරයට වයිද්‍ය පරීක්ෂණයකට ලක් කරන්න .ලංගම ඇතුළුව

:       0       0

Bunny Preena Tuesday, 18 July 2023 01:59 PM

සුරා පානයට ඇබ්බැහි වුනු පොලිස් නිලධාරීන් ගැනත් හොයලා බැලුවොත් නරකද ?

:       0       0

w.a.j.wijesingha Tuesday, 18 July 2023 08:48 PM

මත්ද්‍රවය ජාවාරමි කරනා නිලදාරින් ගැනත් හොයන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ
2024 මැයි මස 05 416 0

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 477 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී
2024 මැයි මස 05 230 0

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
2024 මැයි මස 05 357 0

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 58 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 605 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 497 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1947 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site