IMG-LOGO

මණ්ඩලය තෙල් වලට ණය පියවයි

(අජන්ත කුමාර අගලකඩ)

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 8,670 ක පමණ මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවෙන් ණයට තෙල් ලබාගැනීම වෙනුවෙන් මෙම හිඟ මුදල ගෙවීමට නියමිතව තිබිණි.

මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන බැවින් ,එම මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඉකුත්දා ලබා දී තිබිණි.

විදුලිබල මණ්ඩලය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතර ,විදුලි පාරිභෝගිකයන්ගෙන් පමණක් අයවිය යුතු  මුදල රුපියල් කෝටි 4,400 ඉක්මවා ගොස් ඇත.

මේ අතර , මණ්ඩලය රාජ්‍ය බංකු දෙක සඳහා ගෙවිය යුතු මුදල රුපියල් කෝටි  8,900 ඉක්මවා ඇත.

මණ්ඩලය ඉකුත් වසරේ ලබා ඇති අලාභය රුපියල් කෝටි 8,200 ක් පමණ වන බව විදුලිබල මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙයි .



අදහස් (3)

මණ්ඩලය තෙල් වලට ණය පියවයි

Pradeep Kumara Wednesday, 16 March 2022 11:29 AM

පාඩුලබන ආයතනවල නිලධාරින්ගේ සහ සේවකයින්ගේ වැටුපට අමතරව ලබාදෙන දීමනා නවතා දමන්න. එම ආයතන පාලනය කිරීම සඳහා රඹුටන් කැඩූ අය වෙනුවට ඒ සඳහා පුළුල් දැක්මක් සහිත සුදුසුකම් ඇති අයවලුන් පමණක් පත් කරන්න. දීමනා හෝ වැටුප් වර්ධක ලබා දෙන්නේ ආයතනය ලාභ ලබන මට්ටමට පැමිණියහොත් පමණක් බව ඔවුන්ව දැනුවත් කරන්න. දැන් සිදුවන්නේ පාඩු ලැබූවත් ඔවුන්ගේ කොටස කලට වේලාවට ලැබෙන බැවින් ලාභ ලබන මට්ටමට ගෙනඒමට කටයුතු නොකිරීමයි.

:       0       9

sujeewa Wednesday, 16 March 2022 12:16 PM

අපි තව තවත් මේ වගේ පාඩු ලබන ආයතනවල කාර්ය මණ්ඩලයට යහමින් වැටුප්, දීමනා සහ බෝනස් ගෙවමු.

:       0       9

Hafeel Wednesday, 16 March 2022 01:15 PM

ඔතන පාරිභෝගිකයින්ගෙන් පමණක් අයවිය යුතු මුදල රුපියල් කෝටි 4, 400. මෙම පාරිභෝගිකයින් අතරේ රට ගොඩනගන්න ඇමැති කෙහෙළිය සහ ඇමති ඩග්ලස් දේවානන්දත් අඩංගුයි. ඕවා ගෙවන්නේත් මහජන මුදලින්. අන්න දැන් කෙලින් වැඩ කරන නායකයෙක් ඉන්න රට...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site