(මනෝප්‍රිය ගුණසේකර)
පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) මරණ දඬුවම නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහුට මෙලසෙ මරණ දඬුවම නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වුයේ මට්ටක්කුලියේ පදිංචි නිලන්ත කුමාර ඩයස් නමැත්තාටය.
2001 ජුනි මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මට්ටක්කුලියේදී වික්‍රමසිංහගේ සුමිත් නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට පහරදී මරා දමන ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මරණකරු වන වික්‍රමසිංහගේ සුමිත් නමැත්තා ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් ඔහුට පහරදී මරා දමන ලද බවට සාක්කි ඉදිරිපත් විය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා විසින් ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මට්ටක්කුලියේ පුද්ගලයෙක් ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම