
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ සංශෝධන රිට් පෙත්සම හෙට ( 24) සලකා බැලීමට අභියාචනාධිකරණය අද ( 23) දින නියම කළේය.
මෙම පෙත්සම අද (23) අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ මීට පෙර මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ගොනු කළ පෙත්සමේ ශීර්ෂය සහ ඇතැම් කොටස් සංශෝධනය කරමින් නව පෙත්සමක් ගොනු කර ඇති බවය.
එය අධිකරණයේ අනුමැතියකින් තොරව ඉදිරිපත් කළ සංශෝධිත පෙත්සමක් බවත් , මෙම සංශෝධිත පෙත්සමට අදාළ ලේඛන තමාට නිසි පරිදි ලැබී නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ නියමිත ක්‍රමවේදය අනුගමනය කර අද (23) සවස 4ට පෙර සංශෝධිත පෙත්සමක් ගොනු කරන ලෙස පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට නියම කෙරිණි.
ඒ අනුව එම සංශෝධිත පෙත්සම හෙට (24) සලකා බැලීමට දින නියම කෙරිණි.
තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඞ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සිය පෙත්සමින් කියා සිටින්නේ මිගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඞ් භාරයට පත්කර තිබූ රැඳවියෙකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන්ව ඉකුත් මැයි මස 27 වන දා කළුතර බන්ධනාගාරයටත් ඉන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙතත් මාරු කිරීමට පියවර ගැනුණු බවත් , ඉන්පසුව වැඩතහනමට ලක් වූ බවය.
2025 දෙසැම්බර් මස 04
186
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
373
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගේ පෙත්සම සළකා බැලීම හෙට
Perera Thursday, 23 July 2020 06:53 PM
තීන්දුව හිතාගන්න පුළුවන්.