
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. ඩබ්ලිව්.යූ.පී. ඒ. සම්පායෝ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එච් .ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
මෙහිදී පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව කිසියම් හදිසි තත්වයක් උද්ගත වුවහොත් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දී මෝසමක් මාර්ගයෙන් පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ඉල්ලීමට අපේක්ෂා කරන බවය.
එම ඉල්ලීමට ඉඩ දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් මෝසමක් මාර්ගයෙන් නීතිපතිවරයාට ද දැනුම් දී පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට දැනුම් දුන්නේය.
පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා සිය පෙත්සමින් කියා සිටින්නේ මිගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඩ් භාරයට පත්කර තිබූ රැඳවියෙකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන්ව ඉකුත් මැයි මස 27 වන දා කළුතර බන්ධනාගාරයටත් ඉන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙතත් මාරු කිරීමට පියවර ගැනුණු බවය.
අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තමාව අත්අඩංගුවට සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර ඇත.
බන්ධනාගාර ආඥා පනතේ 196 වන වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට අවශ්‍යතාවයක් මතු වූ විට ඉලෙක්ට්‍රොනික උපකරණ සපයා දීමේ නීතිමය හැකියාවක් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා ඒ අනුව ශීතකරණයක් සැකකරුවෙකුට ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දරන වෑයම නිතියට පටහැනි බවද පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ම අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය රිට් පෙත්සම මගින් අභියාචනාධිකරණය ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 04
183
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
372
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගෙන් රිට් පෙත්සමක්
sharm warn Wednesday, 22 July 2020 08:05 AM
අනේ දෙයියනේ... පුදුම අහිංසක තාලෙකට නේ නිවැරදි භාවය පෙන්වන්න හදන්නේ.?