මෙක්සිකෝවේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 1,092ක් සිදුවී තිබේ.
මෙම සංඛ්‍යාව මේ වනවිට ඒක් දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරන ඇමෙරිකා එක්සත් ජනපදය ද ඉක්මවා ගොස් ඇතැයි බලධාරීහු පවසති.
ඇමරිකාවේ පසුගිය පැය 24 තුළ සිදුවී ඇත්තේ මරණ 1,045කි.
මෙක්සිකෝවේ සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 11,729ක් වන අතර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසන්නේ මෙක්සිකෝව මරණ සංඛ්‍යාවෙන් ලොව හත්වන ස්ථානයට පත්වී ඇති බවයි.
පසුගිය පැය 24 තුළ මෙක්සිකෝවේ නව ආසාදන 3,912ක් වාර්තා වූ අතර මේ වනවිට ඒරටින් වාර්තා වන මුළු ආසාදන සංඛ්‍යාව 101,238ක් දක්වා වැඩිවී තිබේ.
කොරෝනා රෝගය හේතුවෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමට මේකෝ රජය සූදානම් වුවද ආසාදිතයන් වාර්තා වීම අඩු නොවීම නිසා ඒම සැලසුම් අත්හිටුවීමට සිදුවිය.
නිරීක්ෂකයන් පවසන්නේ මෙක්සිකොවේ සිදුකරන්නේ කොරෝනා පරීක්ෂණ අඩු සංඛ්‍යාවක් බවයි.
මේ හේතුවෙන් දැනට තහවුරු වී ඇති මරණ සංඛ්‍යාවට වඩා සත්‍ය මරණ සංඛ්‍යාව 2.5 ගුණයකින් වැඩිවිය හැකි බවද ඔවුහු පවසති.
සැබෑ මරණ සංඛ්‍යාව නිල මරණ සංඛ්‍යාවට වඩා වැඩි බව මෙක්සිකෝ රජය ද පිළිගෙන තිබේ.
කොරෝනා ආසාදිත මරණ 30,000කට වඩා මෙක්සිකෝවේ සිදුවන බවට පුරෝකථනය කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකොවේ පැය 24 ක් තුළ කොරෝනා මරණ 1,092ක්