IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


භාවිතා කළ වාහනවලට වැට් ගැසීමෙන් කළුකඩ වෙළඳපොළක්

භාවිතා කළ රථ වාහන සඳහා අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවන් කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වීමත් සමඟ වාහනවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයිසිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්ය.

නවතම වැට් බදු ක්‍රියාත්මක කිරීමහේතුවෙන්, නීත්‍යානුකූල සමාගම් සැලකිය යුතු මට්ටමේ දුෂ්කරතාවලට මුහුණ දී සිටීම, CMTAහි කනස්සල්ලට හේතු වී තිබේ.  අලුතින් පනවා ඇති වැට් බද්ද හේතුවෙන්, මෙම නීත්‍යනුකූල සමාගම් වාහන අලෙවි කිරීමේ දී, අමතර සියයට 18ක අගයකින් මිල ඉහළ යයි.

එසේම මුදල් ගනුදෙනුවල නිරත වන සදාචාර විරෝධී සමාගම් සහ පුද්ගලයන් ට මෙම අතිරේක බද්දෙහි බලපෑමකින් තොරව ක්‍රියාත්මක විය හැකි අතර, ඔවුන් ට මෙම සියයට 18ක බදු ඉහළ යාම සැලකිය යුතු තරඟකාරී වාසියක් ලබා දෙයි. නීත්‍යනුකූල සමාගම්වලට බරපතළ තර්ජනයක් ඇති කරන මෙම තත්වය කළු කඩ වෙළඳපොළතරඟකරුවන් හමුවේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල කරයි.

මෙහි අනිසි ප්‍රතිඵලයක් ලෙස භාවිත කළ වාහන අලෙවි කිරීම කළු කඩ වෙළෙන්දන් වෙත යොමු වන අතර එම වාහන මත වැට් බදු එක් කිරීමෙන් අපේක්ෂිත ආදායම ලබා ගැනීමට රජය අපොහොසත් වනු ඇත.සැබෑ ගනුදෙනු හෝ ගනුදෙනුවල ලාභය බලධාරීන්ට හෙළි නොකිරීම නිසා ආදායම් බදු හෝ වෙනත් සෘජු බදු මෙම කළු කඩ වෙළෙඳුන්  නොගෙවීම මීට හේතුවයි.

ඉහත කරුණුවලට අමතරව නීත්‍යනුකූල සමාගම්වලට, භාවිත කළ වාහන ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට සිදුවන බැවින්  එම සමාගම්වලින් රජයට මෙතෙක් ලැබෙමින් තිබූ ආදායම් බද්ද පවා අහිමි වනු ඇත.

 “මෙම තත්ව‍යෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් කළු කඩ වෙළෙඳුන් මේ වන විටත් මෝටර් රථ සහ යතුරු පැදිවල මිල ඉහළ දමා තිබේ.ඉන් තව තවත් පීඩනයට පත් වන්නේ මෙරට මහ ජනතාවයි.  අඛණ්ඩව වසර 04කට අධික කාලයක් පුරා වාහන ආනයනය  අත්හිටුවීම හේතුවෙන් වාහන මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ.

වැට් බද්ද හේතුවෙන්  මෙරට ජනප්‍රිය වාහන අතරින් එකක් වන Suzuki Wagon R සඳහා නීත්‍යනුකූල සමාගමකට අමතර රුපියල් මිලියනයක මුදලක් අය කිරීමට සිදු වේ. මෙය සාමාන්‍ය පාරිභෝගිකයකුට දරා ගැනීමට අපහසු අගයක්.  එසේම  බොහෝ දෙනෙක් මිල දී ගන්නා Honda Dio ස්කූටර් වැනි යතුරු පැදි සඳහා පවා අමතර රුපියල් ලක්ෂයක මුදලක් අය කිරීමට නීත්‍යානුකූල සමාගම්වලට සිදුව තිබේ.

CMTA  ඉදිරිපත් කර ඇති විකල්ප යෝජනාව පිළිබඳව පෙන්වා දෙමින් CMTA හි සභාපති චාරක පෙරේරා මහතා මෙසේ සදහන් කළේය. “වාහනයේ ලාභ ආන්තිකය මත පදනම්ව වැට් බද්ද අය කරන ලෙස අපි රජයට යෝජනා කරනවා. එසේ  කිරීමෙන් වාහනවල විශාල මිල වැඩි වීමක් සිදු නොවන අතර, නීත්‍යනුකූල සමාගම්වලට අපහසුවකින් තොරව තම ව්‍යාපාර කර ගෙන යාමට හැකියාව ලැබෙනවා.

එසේම රජයට භාවිත කළ වාහන අලෙවිය හා වැට් බද්දෙන් ආදායමක් උපයා ගැනීමට ද හැකියාව ලැබෙනවා. මෙම ගැටලුවට නිසි අවධානය යොමු නොකළ හොත්, වාහන ආනයනය අත් හිටුවීම නිසා 15,000කට අධික ගණනකට  රැකියා අහිමි වී ඇති මෝටර් රථ කර්මාන්තය තුළ තවදුරටත් රැකියාඅහිමි වී යාම සිදු විය හැකියි.



අදහස් (0)

භාවිතා කළ වාහනවලට වැට් ගැසීමෙන් කළුකඩ වෙළඳපොළක්

ඔබේ අදහස් එවන්න

දියත

අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රාරයේ මහ මොළකරු අල්ලනවා
2024 අප්‍රේල් මස 21 191 0

මට අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නිසැක වශයෙන්ම අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා පැව


විජයදාස ශ්‍රී ලනිප වැඩ බලන සභාපති ධූරයට
2024 අප්‍රේල් මස 21 386 1

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස


ගුවන් තොටේ මඟි බෑග් සොරාගත් යුවළක් දැලේ
2024 අප්‍රේල් මස 21 406 0

කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක්


පීසී පැදවූ මෝටර් රියට හැපුණු තරුණයින් දෙන්නා රෝහලේ
2024 අප්‍රේල් මස 21 132 0

හලාවත පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු පැදවූ කාර් රථයක, යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් කල තරුණයන


තැපෑලට සමාන වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවතට
2024 අප්‍රේල් මස 21 245 0

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.


පුද්ගල ඝාතනයකට තැත් කළ දෙකක් අල්ලයි
2024 අප්‍රේල් මස 21 120 0

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී තියුණු වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 240 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1562 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1463 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site