IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


භූමි කම්පාවකින් තුර්කිය කැලැඹේ: මරණ ගණන ඉහළට

2023 පෙබරවාරි මස 06 පෙ.ව. 09:32

(විමුක්ති එස් රුද්‍රිගු)

රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් වාර්තා කළ භූමි කම්පාවකින් තුර්කිය කැලැඹිණි.

සිරියානු දේශ සීමාවට කිලෝ මීටර 90 පමණ දුරින් තුර්කියේ මෙම භූමිකම්පාව හට ගත්තේය.

භූමි කම්පාවට පසු අතුරු කම්පන අවම වශයෙන් 40 ක් පමණ ඇති ව තිබේ.එක් පසු කම්පනයක ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ගත් බව තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත. 

භූමි කම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් ඉතාලි බලධාරීන් සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර පසුව එය ඉවත් කර ගැනීමට පෙළඹුණි.

සිරියානු සහ තුර්කි වැසියන් නින්දේ පසුවෙද්දී මෙම භූමි කම්පාව හට ගෙන ඇත. සිරියානු අග නගරය වන ඩමස්කස් හි බලධාරීන් රජයේ පාලන ප්‍රදේශවල භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 582 ක් බව නිල වශයෙන් ප්‍රකාශ කළ අතර තුර්කියේ භූමි කම්පාව හේතුවෙන් මිය ගිය ගණන 1014 ක් බව තුර්කි උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ තුර්කියේ සහ උතුරු සිරියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගණන 1596 ක් දක්වා වැඩි වී තිබේ.

තුර්කියේ පමණක් පුද්ගලයන් 5383 තුවාල ලබා ඇති අතර තුර්කියේ ප්‍රධාන නගර වල විනාශ වූ නිවාස සහ ගොඩනැගිලිවල සිරවී සිටින පුද්ගලයන්   මුදවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී තුවාල ලැබූ සංඛ්‍යාව සහ මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත.එසේම මෙම භූමි කම්පාව තුර්කියේ මෙතෙක් ඇති වූ ප්‍රබලතම භූමි කම්පාව විය හැකි බවත් පසුගිය අවුරුදු 40 ක කාලය තුළ සිරියාවේ ඇති වූ ප්‍රබලතම භූමි කම්පාව මෙය බවත් දෙරටේ බලධාරීන් පෙන්වා දී තිබේ.

තුර්කියේ භූමි කම්පාව බලපෑ ප්‍රදේශවල තුර්කි තානාපති කාර්යාලයේ ලියාපදිංචි ශ්‍රී ලාංකිකයන් නව දෙනෙක් සිට ඇති බවත් ඉන් අට දෙනකු මේ වන විට තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

නව වෙනි පුද්ගලයා භූමි කම්පාව හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක ජීවත්ව ඇති නමුත් ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ ඔහු එහි සිට නොමැති බවට තුර්කි තානාපති කාර්යාලය සැක පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය. කෙසේ වෙතත් නව වෙනි පුද්ගලයා සිටින ස්ථානය අද (06) සවස් වන විටත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට අනතුරක් නොමැති බව ප්‍රකාශ කළ නොහැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.



අදහස් (0)

භූමි කම්පාවකින් තුර්කිය කැලැඹේ: මරණ ගණන ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23116 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10849 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 552 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site