(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම් වැඩසටහන තාක්ෂණික සහාය ලබා දෙමින් විශාල කාර්ය භාර්යයක් ඉටුකළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් තාක්ෂණික සහාය සහ ප්‍රතිපත්ති උපදෙස් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් නිර්මාණය කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් සහායක් වූ බවද සිරිවර්ධන මහතා පැවැසුවේය.
එම පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනට මුදල් ප්‍රතිපත්තිමය, මූල්‍ය, රාජ්‍ය පාලන සහ ආයතනික අභියෝග ආමන්ත්‍රණය කිරීමට හැකියාව ලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය.
එලෙස ක්‍රියාත්මක කළ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ආදායම් පාදක කරගත් මූල්‍ය හිඟය සහ ණය ප්‍රමාණය අඩුකර ගැනීමේ ප්‍රතිපත්ති, ආයතන ශක්තිමත් කිරීමේ ප්‍රතිසංස්කරණ අයත් වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.
පසුගිය 21 වැනිදා සිට හෙට (26) තෙක් ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් යටතේ පැවැති ධාරිතා සංවර්ධන සමුළුවක විද්වත් කතිකාවකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවේ හිටපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, එම අරමුදලේ මූල්‍ය කටයුතු දෙපාර්තමේන්තුවේ ආර්ථික විද්‍යාඥයින් වන ඔස්ලම් අයඩින් සහ සින්ඩි නෙගස් යන නිලධාරීහු පිරිසක්ද මෙම කතිකාවට එකතු වූවේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි