IMG-LOGO

බෝ නොවන රෝග මඩින්න ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ මෙහෙවර විශිෂ්ටයි

(අංජුල මහික වීරරත්න)

බෝ නොවන රෝග පාලනයට ව්‍යායාම වල යෙදීමේ  වැදගත්කම ජනතාවට කියා දෙමින්, ක්‍රියාශීලී නීරෝගීමත් ජීවන රටාවකට  ජනතාව යොමු කරවීමට ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඉටුකරනු ලබන කාර්යභාරය විශිෂ්ට බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLSMA) පස්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ  ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම සැසිවාරය කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්විණි.

 මෙරට රජයේ රෝහල් පද්ධතියේ ප්‍රධාන රෝහල් වල  ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකක යම් ප්‍රමාණයක් මේ වන විට ස්ථාපිත කර ඇති බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා එයින්  මෙරට ජනතාවගේ සෞඛ්‍ය සංවර්ධනයට,ප්‍රවර්ධනයට සහ සුරක්ෂිතතාවයට මෙන් ම සෞඛ්‍ය අධ්‍යාපනයට ද විශාල දායකත්වයක් ලබා දෙන බව ද පැවසීය.

මෙම සැසියේ ආරාධිත විශේෂ දේශනය ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාල රෝහලේ  ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ මහාචාර්ය Mike Loosemore මහතා විසින් පවත්වන ලදී.            



අදහස් (0)

බෝ නොවන රෝග මඩින්න ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ මෙහෙවර විශිෂ්ටයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site