
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වාර්ෂික බෝරා සම්මේලනය ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේය.
පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූලි මස 7 වැනිදා සිට 16 දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සම්මේලනය පැවැත්වේ.
මෙම සම්මේලනය සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුලු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
COMMENTS
රටට ආදායමක් වශයෙන් කටයුතු කළාටනම් ගැටලුවක් නෑ. අවිද්‍යාත්මත මත වලින් අටව ගත්තු එක එත දේවල් වලින් අනිත්.මිනිසුන් ගෙ ඔළු කුරුවල් නොකර.හතු පිපෙන්නා වගේ දැන් එක එක ආගමික කණ්ඩායම් බිහිවෙන්නෙ.
බෝරා ප්‍රජාවගේ ඡන්ද ගන්න උත්සාහයක් මේක. නමුත්බෝරා ප්‍රජාවගේ ඡන්ද කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. රනිල්ට පරාජය නියතයි. රනිල් කවදත් පරාජයි.
බෝරා ප්‍රජාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිතයක් ලෙස පැවති සමයේය. ඒ වෙනත් කිසිවක් සඳහා නොව ව්‍යාපාරික කටයුතුවල නියැලීමටය. මෙරට දකුණු පළාතෙන් කොළඹට සංක්‍රමණය වී දියුණු වූ සිංහල අය මෙන් මොවුන් ද දැඩි උත්සාහයෙන් ජීවිතය ජය ගත් පිරිසකි. ඔවුන්ගෙන් අදටත් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉමහත්ය. නම් වශයෙන් මෙහි සඳහන් කළ නොහැකි නමුත්, බිළිඳු සබන් කැටයේ සිට පාසල් සහ කායර්යාල ලිපි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දක්වා ද තේ, පොල් ආදී බෝග අපනයන ද ඇඟලුම් කර්මාන්ත සහ සංචාරක හෝටල් ක්ෂේත්‍රවල ද ප්‍රමුඛ ආයතන රැසක් ද මෙම ප්‍රජාවගේ උත්සාහවන්තභාවයේ ප්‍රතිඵල වේ. ඔවුන් යටතේ සේවය කරන පිරිසගෙන් බහුතරයක් සිංහල සහ දෙමළ අය වීම ද සුවිශේෂත්වයකි. අවුරුදු 30කට අධික කාලයක් ඔවුන් යටතේ සේවය කරන්නෝද සිටිති. මාගේ පාසල් සමයේදීත්, ඉන් පසුවත් මට ඇසුරු කිරීමට ලැබුණු මිත්‍රශීලී මෙන් ම අතිශයින් ම නිරහංකාර පිරිසකි.
අහක යන සර්පයෝ රෙද්ද අස්සේ දමාගෙන පස්සේ කනවා , කනවා කියන්න එපා . ඕක ලෝකේ තිබෙන මුස්ලිම් රටක තියාගන්නේ නැතුව මේක අස්සේම තියාගන්න හදන්නේ , ලෝක මුස්ලිම් ප්‍රජාව සමග මේ නිකායට අවුලක් ඇති , සල්ලි නොවේ වැදගත් ඉදිරි අනාගතේ රටට අනවශ්‍ය ප්‍රශ්න දමන්නේ නැතුව ඉන්න එක .
ටයි කෝට් දමාගෙන මූලාසනේ ඉන්න ලොක්කට බොරු කාරයෙකුට කියල බෝර් එක හොඳට ලොකු කරවගන්න පුළුවන් හොඳ අවස්ථාවක් , සාගල නෙමේ මොන ගල් බෝර දැම්මත් චන්දෙ නම් දිනන්න බැහැ ,