IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


බොරු ලිපියක් ගැන කියන්න ගුරු සංගම් ප්‍රධානියා සී.අයි.ඩියට යයි

(සුජිත් හේවාජුලිගේ )

ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ව්‍යාජ ලියවිල්ලක් සකස්කර වැරදි සහ ජනතාව නොමඟ යවන සුළු තොරතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (2) පැමිණිල්ලක් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා මෙම පැමිණිල්ල කළේ මාර්ගගත ක්‍රමයට යැයි ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරියේදී පෞද්ගලිකවම ගොස් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

සංවිධානාත්මක කණ්ඩායමක් සංගමයේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස වෙනස් කර තම සාමාජිකයන් නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රචාරණ කටයුත්තක නියැලී ඇතැයි පැවසූ ෂෙහාන් දිසානායක මහතා මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් නොරැවටෙන ලෙස රටවාසී සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

සිය ඉල්ලීම් දිනා ගන්නා තුරු විරෝධතා ක්‍රියාමාර්ග අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

බොරු ලිපියක් ගැන කියන්න ගුරු සංගම් ප්‍රධානියා සී.අයි.ඩියට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 3 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 589 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site